Colombo Today Local News

ඇත්තටම කාර් මිල අඩුවුණාද? 2018 අයවැයෙන් කාර් මිල වෙනස්වන හැටි මෙන්න !

2018 අයවැය මගින් පුංචි කාර්වල මිල අඩුවනු ඇති බවට දැනට මාස කිහිපයක සිට කසුකුසුවක් තිබුණද, මෙවර අයවැයෙන් එන්ජින් ධාරිතාව 1000cc වලට වඩා අඩු මෝටර් රථවල මිල ගණන්වල වෙනසක් සිදු නොවනු ඇති බව කියැවේ.

මෙවර අයවැය යෝජනාවලියේදී මෝටර් වාහන මත අයකළ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද ඉවත් කර පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක් (cc ධාරිතාව) පදනම්ව නිෂ්පාදන බදු අය කෙරෙන බව පෙන්වා දී තිබේ. එය එසේ වුවත්, මේ දක්වා රටට ගෙන්වනු ලැබූ මෝටර් රථවල නිෂ්පාදන බදු අයකිරීම බොහෝ අවස්ථාවල සිදුවූයේ එන්ජින් ධාරිතාව මත පමණක් බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, සලකා බැලීමේදී 1,000cc වලට වඩා අඩු එන්ජින් ධාරිතාවයේ පෙට්‍රල් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 150% ක් හෝ ඝන සෙන්ටි මීටරයට රු.1,750/- ක බදු මුදලකි. එමෙන්ම, හයිබ්‍රිඩ් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 70% ක් හෝ ඝන සෙන්ටි මීටරයකට රු.1,250 ක බදු මුදලකි.

නමුත්, 2018 අයවැය යෝජනාවලියේදී පිළිවෙළින් පෙට්‍රල් හා හයිබ්‍රිඩ් වාහන සඳහා වූ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද අයවන ක්‍රමවේදය පමණක් ඉවත් කළත්, එම බදු අය කිරීමේ කියුබික් සෙන්ටිමීටරයකට අය කෙරෙන බදු මුදල් පිළිවෙළින් රු.1,750/- ක් සහ රු.1,250/- ක් ලෙස ඒ ආකාරයෙන්ම පවතින බැවින් පුංචි කාර්වල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් පවසති.

ada.lk

Related posts

හොරණ අක්කර 340ක්, ඩොලර් එක ගාණේ ඉන්දියානු සමාගමකට විකුණයි !

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

පොහොට්ටු මන්ත්‍රී තිදෙනෙක් නුවරඑළිය සෙන්පති මැදුරේ ඇල්ලු අඩව්ව සොයා විමර්ශන

Admin