Colombo Today Local News

කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින දේශපාලන සිරකරුවෙකු වව්නියාවට මාරුකරන්නැයි ඉල්ලා අද (17) උදෑසන යාපනය සරසවියේ කලා අංශයේ සිසුන් පිරිසක් සරසිවිය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇත.

මේ වන විට සරසවිය ඉදිරිපිට ඇති මණ්ඩපයක් තුල කලා අංශයේ සිසුන් 70 ක්පමණ දෙනා මෙම මාරාන්තික උපාවසයේ නිරතව සිටිති.

උපවාසයේ නිරත වූ සිසුන් කියා සිටියේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන් (හිටපු කොටි සාමාජිකයන්) තිදෙනා හො එම තිදෙනාගෙන් අයෙකු වන මදිඅරසන් සුලක්ෂන් නැමත්තා වහාම වව්නියාව බන්ධනාගාරයට මාරුකළ යුතු බවට ඉල්ලමිනි.

මදිඅරසන් සුලක්ෂන් නැමත්තාගේ නැගනිය වූ මදිඅරසන් නිෂාන්තිනි නැමත්තිය මේ වන විට යාපනය සරසවියේ කලා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන හෙයින් යපනය සරසවියේ කලා අංශයේ සිසුන් පිරිසක් අද උදෑසන් සරසවිය තුල රැස්වී අදාල රැඳවියා වව්නියාවට මාරු කරන තුරු උපවාසයේ යෙදීමට තීරණය කොට ඇත.

එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටින සිරකරුවන් නැවත වව්නියාව බන්ධනාගාරයට ගෙන ආයුතු බවටත් එසේ නොවන්නට මාරාන්තික උපවාසය අවසන් නොකරන බවටද උපවාසයේ යෙදී ඇති සිසුන් වැඩි දුරටත් කියා සිටියහ.

පසුගියදා උතුර පුරාවට හර්තාල් ව්‍යාපාරයක්ද පැවතියේ අදාල සිරකරුවන් නදහස් කිරීම හා වව්නියාව බන්ධනාගාරයට මාරු කිරීම වැනි කාරණා ප්‍රධාන කොට ගෙනය.

Related posts

අපරාධ කල්ලි සාමාජික ලසන්ත වික්‍රමසේකර ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

colombotoday

නොරච්චෝලේ අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය යළි අක්‍රිය වෙයි

colombotoday

“මගේ රතු කට්ට පැන අවසන්.. වෙසක් පෝයෙන් පසු තීරණයක් ගන්නවා“- විජේදාස

colombotoday

“ලාච්චුව ඇරල දෙනව වගේ සල්ලි දෙන්න බෑ.. උද්ඝෝෂණය අසාධාරණයි“ ආරක්ෂක ලේකම්

colombotoday

සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටී පෑලියගොඩ ගබඩාවක් මුද්‍රා තබයි

colombotoday