Colombo Today Local News

විජේදාස නෙරපීම ගැන “ෆුට්නෝට් ඇමතිලා” උදම් අනයි.. ඇමතිකමෙන් නෙරපූ හේතුව හෙළිවෙයි !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් මුල සිටම නොසතුටින් පසුවූ බවත්, ඔහු රාජපක්ෂලා සමග ඩීල් දැමූ නිසා ඇමතිකමෙන් ඉවත් කිරීමට සිදුවූ බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීම ඕනෑම තක්කඩියෙකුගේ අන්තිම ක්‍රියාව වන බවද, ඇමතිකමෙන් ඉවත් කළ පසු ඔහු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නොයෙක් ප්‍රකාශ කරමින් සිටින බවද හෙතෙම කියා සිටී.

මේ අතර විජේදාස රාජපක්ෂ මහතා ඇමතිධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාද අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“විජයදාස රාජපක්ෂ ඇමැතිටත් ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඒකෙ මූලික පදනම වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. බැඳුම්කර වංචාවට සම්බන්ධ හොරුන් ජනාධිපති කොමිසමේදී හෙළිවන කරුණු, හෙළිවන හොරු පිටුපස්සෙ යන්න දැන් සී.අයි.ඩී. එක යොදවලා තියෙනවා. බැඳුම්කර වංචාවට සම්බන්ධ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවට ෆුට් නෝට් දාපු කල්ලිය මුදල් අරන් කියලා නීතිපති දෙපාර්තමේන්තුවට අනාවරණය වෙලා තියෙනවා. මේ හොරකම් අනාවරණය වෙද්දී කියනවා මේ නීතිපති දෙපාර්තමේන්තුව භාරව ඉන්න ඇමැති අයින් වෙන්න කියලා.“

Related posts

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin

මවක් සහ දියණියක් යටකර දියවන්නාවට මෝටර් රථයක් කරනම් ගසයි

colombotoday

ඇතුල්කෝට්ටේ – නාවල මාර්ග යා කරමින් නව පාලමක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ්

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

colombotoday