Colombo Today Local News

ඥානසාර හාමුදුරුවෝ එළියට එනවට සමහර හාමුදුරුවරුත් කැමති නෑ එයාලගේ මාකට් එක බහී කියලා කොටුවෙ හාමුදුරුවෝ කියති

දැනට සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් වී එළියට එනවාට දේශපාලකයෝ සේම සමහර භික්ෂූන් වහන්සේලා ද අකමැති බවත් ඊට හේතුවී හේතුවී ඇත්තේ එම ස්වාමීන් වහන්සේලාගේ ජනප්‍රියත්වය ඥාණසාර හිමි ආගමනයෙන් අඩුවන නිසා බවත් කොටුවෙ පොඩි හාමුදුරුවො සඳහන් කර සිටිනවා.

ගෞරවනීය සෝම හාමුදුරුවන් ප්‍රකාශ කළ කරුණු වගේම ඤාණසාර හිමි සඳහන් කළ කරුණුත් අද ප්‍රායෝගික වී ඇති බවද ඒ හිමියෝ සඳහන් කරති.

ඥානසාර හාමුදුරුවෝ ජාතිය වෙනුවෙන් කතා කරන එක කාටවත් නැවැත්විය නොහැකි බවත්, “හාමුදුරුවන්ගේ ජාතිය සිංහල… ආගම බුද්ධාගම… ඒ වෙනුවෙන් කතා කිරීම හාමුදුරුවන්ගේ මානව අයිතිය. බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ බුද්ධාගම රකින්න ඕනි කියලා.”. යැයි ඒ හිමියෝ සාකච්ඡාවකට එක්වෙමින් පැවසූහ.

Related posts

ජුබිලි කනුව හන්දියේ තිබූ ජුබිලි කනුව අතුරුදන් | 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරලා.

colombotoday

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: මෛත්‍රී,හේමසිරි,පූජිත ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

colombotoday

“කරූ ජයසුරිය පැරණි පලියක් ගත්තාද?” ප්‍රශ්න කෙරේ. දිනේෂ්ට සතියක්‌ මැතිසබය තහනම්

colombotoday

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday