Colombo Today Local News

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – රාජිත පුත් චතුර

විජේදාස රාජපක්ෂගෙන් පසුව මීළගට ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු වන්නේ අමාත්‍ය සාගල රත්නායක යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

නෙත් ගුවන්විදුලියේ වැඩසටහනකට ඊයේ (23) සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.

“මේ දූෂණයට එරෙහි අරගලයේදී හොරුන් සමග ඩීල් දාන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව මේ සටන දියත් කරනවා. මේ රජයේ වැඩපිළිවෙලට බාධා පමුණුවන සාගල රත්නායක වගේ ඇමතිවරුන් පිළිබඳව තවත් බොහෝ තොරතුරු මේ වෙන කොට ඒකරාශි වෙලා තියෙනවා. මේ ගැන නායකයින්ව දැනුවත් කරලා තියෙනවා.. ඔවුන් පියවරක් ගත්තේ නැත්නම් ජනාධිපතිවරයා මැදිහත් වෙයි.” යනුවෙන් ද මෙහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සදහන් කළේය.

Related posts

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin

පිළිකාකාරක පොල්තෙල් පිලිබඳ පරීක්ෂණයට නීතිපති උපදෙසින් විශේෂ කණ්ඩායමක්

colombotoday

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

colombotoday

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

colombotoday

රාජකීය විදුහලේ සිසුවා රෝහලේ සිටිද්දී පහරදුන් සජිත් කුලරත්නට ක්‍ෂණික ඇප

colombotoday