Colombo Today Local News

“උරුලෑවෙක් වගේ තැන තැන ගඳ ගස්සවනු එපා” – ඇමති යාපාත් එජාපයේ ක්‍රෝධයට ලක්වෙයි !

උරුලෑවා ගිය පාර මෙන් ගඳ නොගස්වා තමන් දන්නා දේ ගැන පමණක් කතා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටී.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. බැඳුම්කර ගණුදෙනුවෙන් සිදුව ඇති අලාභය පිළිබඳ ලක්ෂ්මන් යාපා මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා ඒ එලෙස සඳහන් කළේය.

මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වී සිටියද යහපාලනයේ පිහිටෙන් රාජ්‍ය ඇමතිවරයෙකුව සිටියදී එලෙස අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැන ක්‍රෝධයක් ඇති වන බව නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ලක්ෂමන් යාපා මහතා අද දවස වන විට දේශපාලන කුණු බක්කියට විසිවී අවසන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin

රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතුවලට අවනත නොවූ සිරිල් ගාමිණී පුජක තුමාට වැඩ වරදී

colombotoday

අධිවේගයට බිලි වෙන්න ගිය පඬුකරද ගස සසුන්ගත කෙරේ

colombotoday

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

colombotoday