Colombo Today Local News

“එයා මොකුත් දන්නෑ…” කුඩුත් එක්ක මාට්ටු වූ ඇමති මංගලගේ ලේකම් ගැන නිවේදනයක් !

ඇමති මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියා වන සමීර මනහර මත්ද‍්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්‍ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

“අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් මත්රව්‍ය තොගයක් සමඟ අත් අඩංගුවට ගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම පදනම් විරහිතය.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෙරේදා (05) රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට බාර දීමේ සිද්ධිය පාදක කර ගනිමින් අමාත්‍යවරයාට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය විසින් මඩ මෙහෙයුමක් ආරම්භකර ඇති බැවින් සිද්ධියට අදාළ කරුණු කෙටියෙන් පැහැදිලි කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර මහතා පෙරේදා රාත‍්‍රී ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ රාත‍්‍රී සාදයක් සඳහා යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් රාත‍්‍රී 8.45 ට පමණ ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, එහි සිටි අයකු සතු එම ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී එහි තිබී මත්ද‍්‍රව්‍ය හසුවීම හේතුවෙනි. එම ජීප් රථය එහි සිටි අයකු සතු වුවකි.

රථයේ සිටි අයකු එය තමන්ගේ බව පිළිගෙන ඇති අතර අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල සැකකරුගේ නිවසට ගොස් මත්පැන් බෝතල් 16ක් ද සිගරට් කාටුන් තුනක් ද ප‍්‍රදර්ශන කඩුවක් හා නිවසේ භාවිතයට යොදාගත් මන්නයක් ද අත්අඩංගුවට ගෙන මෙම පිරිස ඊයේ (06) උදැසන ගල්කිස්ස පොලිසියට බාරදී ඇත.

අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනාම ඊයේ පස්වරුවේ දී ගල්කිස්ස වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල ගල්කිස්ස පොලිසිය, මත්ද‍්‍රව්‍ය ළඟ තබාගත් පළමු සැකකරු හැර අනෙක් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන්ගත් රථයේ සිටි නිසා බවත් බී වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.

මහේස්ත‍්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයාල පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා එරෙහිව මත්ද‍්‍රව්‍ය ළඟ තබා ගැනීමේ හෝ මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල බවට චෝදනා ඉදිරිපත් නොකරන බවත්, ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා සිටියේය.

එම කරුණු සලකා බලමින් පළමු සැකකරු රිමාන්ඩ් භාරයට පත්කල මහේස්ත‍්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන සිටි සමීර මනහර මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හරිනු ලැබිය.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරියට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය හරහා වාර්තා කර ඇති කරුණු පදනම් විරහිත බව සනාථවේ.”

අසිත රාජපක්‍ෂ
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම්

Related posts

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin

අබලන්වූ මාර්ගයට අවධානය යොමු කරවන්න, ජනපති යන පාරේ කෙසෙල් පැළ සිටවූ තරුණයා රිමාන්ඩ්

colombotoday

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday

මැතිවරණයක් අත ලග ? මූලික සංවිධාන වැඩ ඇරඹීමට මැතිවරණ කොමිෂමෙන් තීරණයක්

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin