Colombo Today Local News

සුදු වෑන් කල්ලියක් සයිටම් විරෝධී සිසු නායකයෙක් මහ දවාලේ පැහැරගෙන යන්න හදයි (Video)

රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේ එම ස්ථානයට සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාය දැරු අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇති විය.

එම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිලධාරීන් කියා සිටියේ එම පැමිණි පිරිස සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් බවයි.

කෙසේ වෙතත් එහි සිටි පිරිස කියා සිටියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ක‍්‍රමයක් ඇති බවත් ඒ ක‍්‍රමයට කටයුතු කල යුතු බවත්ය.

සයිටම් විරෝධින් අත්අඩංගුවට ගන්න ජනපති,අගමැති කටයුතු කරන්නේ නම් ආණ්ඩුව ගෙදර යැවිම සදහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක රජයට අනතුරු අගවා සිටි.

සයිටම්(SAITM) විරෝධී ජන පවුර සංවිධානයේ සමුළුවේ සංවිධාන වැඩකටයුතු සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවක් අවසානයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයෙන් පිටතට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතාව සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගැනීමට ගත් උත්සාහයෙන් පසුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.
“මේ අය අත්අඩංගුවට ගන්න මෛත්‍රීපාලයි රනිලුයි කටයුතු කරන්නේ මෙහෙම නම් මේ තුච්ඡ ආණ්ඩුව ගෙදර යවන්න කරන්න ඕන හැමදෙයම කරන්න අපි සූදානම්. ඒවගේම අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා ඒ සුදු වෑන් කල්ලිය වහාම වහාම මේ මොහොතේ අත්තඩංගුවට ගත යුතුයි. සිවිල් ඇදුමින් ඇවිල්ලා. ආණ්ඩුවේ උසාවියක මොනම හෝ පිළිගන්න පුළුවන් අපි පිළිගන්නේ නෑ. නමුත් රටේ නීතිය කියලා දෙයක් තියනවානේ. අත්තඩංගුවට ගන්න කරන්න ඕන දෙයක් තියනවානේ ඒ කිසිම දෙයක් නැතුව මෙතෙන්ට ඇවිල්ලා ඒ කටයුතු කරපු සුදු වෑන් කල්ලිය ඉස්සල්ලම අත්තඩංගුවට ගන්න කියලා අපි ජනාධිපතිට අභියෝග කරලා කියනවා. ඒ වගේම අපි මේ මොහොතේ කියා සිටිනවා මේ ශිෂ්‍ය නායකයෝ අපි අත්තඩංගුවට ගන්න දෙන්නේ නැහැ. අත්තඩංගුවට ගන්න හෝ නීතිය ක්‍රියාත්මක කරන්න හෝ එක විදියක් තියනවානේ. මේක ඉතාමත්ම හෙලා දකිනවා. මේ ඉතාමත් තුච්ඡ ක්‍රියාවක්”

Related posts

මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බද්ද රුපියල් මිලියන 316,619 ක්

Admin

ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් ගෝඨාභයට ආරක්‍ෂාව දිය යුතුයි… – එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

නාවික හමුදාව සංගීතය සපයද්දී යලි නැගිටින්න ප්‍රාර්ථනයක්

colombotoday

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

colombotoday

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

colombotoday

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

colombotoday