Colombo Today Local News

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

බන්ධනාගාර භූමියේ සිට අධිකරණය වෙත රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් බන්ධනාගාර නිළධාරියාට පහර දී පලා යාමේ පුවතක් මහර බන්ධනාගාරයෙන් වාර්ථා වනවා.

මෙම සැකකරුවන් බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන ගොස් ඇත්තේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහායි.

එහිදී සැකකරුවන් දෙදෙනා විසින් බන්ධනාගාර නිලධාරියාගේ සාක්‌කුවේ තිබූ මාංචු කුට්‌ටමේ යතුර ගෙන ඔවුන් දෙදෙනාට දමා තිබූ මාංචු ගලවා එම මාංචුවෙන් බන්ධනාගාර නිලධාරියාට පහරදී තිබෙනවා.

පසුව එම මාංචු අදාළ නිළධාරියාට දමා ඔහුගේ කටේ පාංකඩ ඔබා වද හිංසා සිදු කර සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ. අදාළ නිලධාරියා සැකකරුවන් සමග හුදකලා වූ අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයට ලක්වූ බන්ධනාගාර නිලධාරියාගේ මුහුණට අත්වලට තුවාල සිදු වී ඇති අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Related posts

රගරා සමග හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමකයෙක් කොටු

colombotoday

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

‘ආවා’ කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! නිවාස සහ වාහනවලට හානි!

colombotoday

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday