Colombo Today Local News

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

සයිටම්, වැඩ වර්ජනය ගැන මාධ්‍යයේ සහ ජනතාවගේ අවධානය යොමුවී ඇති අතරේ මත් උවදුරේ බැරැරුම්කම ජන මනසින් ගිලිහීගොස් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කියා සිටියේය.

එක් පැත්තකින් ශ්‍රී ලංකාව ජත්‍යන්තර මත්ද්‍රව්‍ය ප‍්‍රවාහන මධ්‍යස්ථානය බවට පත්වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කරන සංඛ්‍යාවත් වැඩිවී පැවතුණා. සමහර ගම්මානවලටත් විවිධ මත්ද්‍රව්‍ය පැතිරී ගොස් තිබෙනවා. දැන් මේ තත්ත්වය විශාල උවදුරක් වෙලා. නමුත් එදිනෙදා ප‍්‍රශ්න දෙස අවධානය යොමුවීම නිසා මේ දරුණු ප‍්‍රශ්නය යටපත් වෙලා.

නියඟය, ගංවතුර වැනි ස්වභාවික උවදුරු, කසළ ඉවත් කිරීමේ ප‍්‍රශ්නය, මුස්ලිම් දේවස්ථානවලට පහරදීම්, සයිටම් වැඩ වර්ජන, ආදිය ගැන හැම දෙනාගේම අවධානය යොමුවනවා. මාධ්‍යයේ අවධානයත් යොමුවී තිබෙන්නේද ඒ ප‍්‍රශ්නවලටයි. මත්ද්‍රව්‍ය උවදුරෙහි බැ?රුම්කම මාධ්‍යයෙන් මෙන්ම ජනතාවගේ මනසින් ඉවත්වෙලා.

අන්තරායකර මත්ද්‍රව්‍ය පිළිබඳව නීතිය කි‍්‍රයාත්මක කිරීම ශක්තිමත් කළ යුතුයි. එමෙන්ම ජනතාව දැනුම්වත් කිරීම ද වැඩිකළ යුතුයි. රජය විසින් කළ යුතු ප‍්‍රධානම වැඩ පිළිවෙළ එයයි.

නීතිය කි‍්‍රයාත්මක කළ යුතු ප‍්‍රධානම ආයතනය වන්නේ පොලීසියයි. පොලිසිය සමඟ නාවික හමුදාව, වෙරළාරක්‍ෂක සේවය, ගුවන් හමුදාව, විශේෂ කාර්ය බළකාය ආදී විවිධ අංශවලට වගකීම් පැවරී තිබෙනවා. මේ සියලූ අංශ දෙස අවධානය යොමුකර අන්තරායකර මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වන නීති සංශෝධනය කර නීතිය ශක්තිමත් කිරීමේ පියවර ගන්නවා.

Related posts

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

අධිකරණ නියෝග උතුරේදී අවලංගුයි.. වෙනම රාජ්‍යයක් දැනටම බිහිවෙලා !

colombotoday

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති ,රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නැයි නිර්දේශ

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

මා අටලෝ දහමින් කම්පා වෙන්නේ නෑ – මඩ ප්‍රචාර සහ “සිංහලේ” පිළිබදව බොදුබලේ ඩිලන්තගේ මාධ්‍ය නිවේදනය

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday