මීළග ශ්‍රීලනිප මැයි දිනය පැවැත්විය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයද එක් කරගෙන බව කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා ඊයේ ගැටඹේ පැවති ශ්‍රීලනිප මැයි රැලියේ දී පැවසීය.
ඔහු මෙම ප්‍රකාශය කළේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වේදිකාවේ සිටියදී වන අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමුව තිබේ.
ඊයේ පැවති මැයි රැලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ ගෝල්ෆේස් එකට ආවෙත්, ගැටඹෙට ආවෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බවයි. ඒ අනුව එජාපය මෙවර මැයි දිනයේදී ද කූජිත වූ බව ඇමතිවරයා පවසයි.