World

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට “ගෞරවයක්” වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම හමුවෙනවා. එය මට ගෞරවයක් වේවි.” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් බ්ලූම්බර්ග් පුවත් සේවයට පැවසීය.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ දෙරට අතර උණුසුම් තත්වයක් හටගෙන තිබියදී ය.

මෙම ප්‍රකාශය පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් ධවල මන්දිරය කියා සිටියේ නායකයන් දෙදෙනාගේ හමුවකට පෙර උතුරු කොරියාව බොහෝ කොන්දේසිවලට එකඟ වියයුතු බවය.

උතුරු කොරියාවේ ප්‍රකෝපකාරී හැසිරීම් වහා නතර කරනු දැකීම වොෂින්ටනයේ අවශ්‍යතාව බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසීය.

නමුත් උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියේ තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට පෙර තමන් පළමු න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල කරන බවය

Related posts

ජනපති ට්‍රම්ප්, කරන්න යන කතාව කාර් එකේදී පුහුණු වෙන්නේ මෙහෙමයි (Video)

colombotoday

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය ජපානයෙනුත්

colombotoday

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday