Colombo Today Local Newsextremism & terrorism activities

‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල රාජ්‍ය ලාංඡණය විකෘති කරමින් මගී ප්‍රවාහන බස් රථයක ප්‍රදර්ශනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලාවල ප්‍රචාරය වේ.

ධර්ම චක්‍රය සහ ඉර, හද සංඛේත වැසෙන පරිදි සිනාසෙන මුහුණක ස්ටීකර අලවා විකෘති කරන ලද එම රාජ්‍ය ලාංඡනය මාතලේ – මහනුවර 539 බස් මාර්ගයේ ධාවනය වන cp NA – 6058 දරණ බස් රථයේ ප්‍රදර්ශනය කරන බවයි එහි දැක්වෙන්නේ.

ඡායාරූප – Umanga Bandaraus FB

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය

1972 මැයි 22 වන දින සම්මත කරගත් ව්‍යවස්ථාව යටතේ ජනරජයක් බවට පත් වූ ලංකාව ජනරජ දින උත්සවය සමරන අවස්ථාවේදී නව රාජ්‍ය ලාංඡනයක්ද නිර්මාණය කරගනු ලැබුණි. අද දක්වා භාවිතා කරන්නේ එම ලාංඡනයයි. කවාකාර හැඩයකින් නිම වූ රාජ්‍ය ලාංඡනයේ දැක්වෙන ඉර-හඳ මගින් සමෘද්ධිමත් ස්වයංපෝෂිත රටක් සහ ඉර හඳ පවතින තාක් ධර්මයේ ආරක්ෂාව ලැඛෙන රටක් සංකේතවත් වේ. අසිපතක් අතින් ගත් සිංහයා මගින් ජාතියේ ප්‍රෞඪත්වය සංකේතවත් කෙරෙන අතර සිංහයා වටා ඇති පළා පෙති(නෙළුම් පෙති) මෝස්තරය මගින් නිර්මල බව සංකේතවත් වේ. එයට පිටතින් ඇති වී කරල්වලින් (ධාන්‍ය) සෞභාග්‍ය, සශ්‍රීකත්වයත් නෙළුම් මල් සහිත පුන්කළසින් පරිපූර්ණ බවත් පෙන්නුම් කෙරේ. ලාංඡනයේ ඉහළින්ම ඇති ධර්ම චක්‍රය මගින් මේ රට බෞද්ධ රාජ්‍යයක් බවත්, අටලෝ දහමෙන් නොසෙලෙන ධාර්මික බවත් සංකේතවත් කෙරේ. ලාංඡනය වටා ඇති මායිම් රේඛාවෙන්ද අර්ථයක් දැක්වෙන අතර එය රටේ ඒකීය බව පෙන්වන ලකුණ ලෙස සැලකේ.

රාජ්‍ය ලාංඡනය රජයේ නිල කටයුතුවලදී පමණක්ම යොදා ගැනෙන්නක් වන අතර මොනම හේතුවක් නිසාවත් ඉන් බැහැර කටයුත්තකට යොදා නොගැනේ. පෞද්ගලික කාර්යයන්හිදී රාජ්‍ය ලාංඡනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර රාජ්‍ය ලාංඡනය කිසිදු ආකාරයක වෙනස් කමකට විකෘතියකට හෝ අවභාවිතයකට යොදා ගැනීමද සපුරා තහනම් වේ.

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව හෙළ උරුමය දෙමල සන්ධානය සහ හූල් එකතුවෙයි සරත් මනමේන්ද්‍ර සිංහලයා වෙනුවෙන් තනි සටනක් දෙයි

colombotoday

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

මෛත්‍රීගේ කඩෙත් බඩු සවුත්තුයි.. නැවත ජනාධිපතිවරණයකට ආවොත් පරාජය කරනවා

colombotoday

හයවැනිදා විවාදය ඇස්බැන්දුමක්.. “පැය කිහිපයක් විවාද කර පලක් නෑ“ – ජනපති කියයි

colombotoday

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday