Colombo Today Local News

විමල්ට සෙත් පතන්න ඥාණසාර හිමියෝ වැලිකඩ වඩිති !

මාරාන්තික උපවාසයක නිරතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සෙත් පැතීම සදහා බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත වැඩම කර සිටියේය.

උන්වහන්සේ සමග පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද වැඩමකර සිටියහ.

වාහන අවභාවිතයට අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන, ඇප නොදී අසාධාරණ ලෙස සිරගත කර තිබීමට විරෝධය පලකරමින් වීරවංශ මහතා උපවාසය ආරම්භ කළේ පසුගිය 22 වනදාය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරා බොදු බල සේනා සංවිධානයටත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් හිටපු ඇමති විමල් විරවංශ මහතා දැඩි වාග් ප්‍රහාර එල්ල කර සිටියා.

මීට ඉහතදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන්ද මියයෑමට මොහොතකට පෙර නිවසට වැඩමකරන ලද පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිරිත් කියා ආශීර්වාද කරනු ලැබ තිබුනා.
උන්වහන්සේ සිරගත කල අවස්ථාවේදී බන්ධනාගාරය තුලදී උපස්ථාන කල දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා අධිකරණය වෙත ගෙන එමින් සිටි අවස්ථාවකදී නාදුනන පුද්ගලයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර එම අවස්ථාවේදීද රෝහලට වැඩම කල උන් වහන්සේ පිරිත් නුලක් ගැටගසා “අංගුලිමාලත් රහත් වුනා” යැයි පවසමින් ඔහුට ආශීර්වාද කරනු ලැබුවා.

Related posts

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

colombotoday

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

colombotoday

බන්ධනාගාරයෙන් දැන් ශීතකරණත් මතුවෙලා

colombotoday

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

colombotoday