Colombo Today Local News

ලක්ෂ්මන් යාපාගෙන් රවීට කනේ පහරක් (Video)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විගණකාධිපතිවරයාට එරෙහිව මේදිනවල දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පිළිබඳව විශ්වාසයක් ඇති බවයි.

විගණකාධිපතිවරයාගේ බලතල තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවත් ඊයේ (30) මාතර පැවති උත්සවයක දී පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, විගණකාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමට අවශ්‍ය නම් ඊට සහයෝගය දක්වන බව කියා සිටියේය.

ජනාධිපතිවරයාද විගණකාධිපතිවරයාගේ බලතල තවදුරටත් ශක්තිමත් කළ යුතුයි යන මතයේ සිටින බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විගණකාධිපතිවරයා කිසිඳු ඇමතිවරයෙකුට වගකිවයුතු නොමැති බවද සඳහන් කළ මුදල් රාජ්‍ය ඇමතිවරයා, ඇතැමුන් විරුද්ධ පක්ෂයේ සිටියදී ස්වාධීන බලතල අවශ්‍ය බව පෙන්වා දෙන නමුත් ආණ්ඩුව තුළ සිටියදී ස්වාධීන බලතල ඇති පුද්ගලයින්ව විවේචනය කිරීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

Related posts

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

colombotoday