Colombo Today Local News

බදුර්දීන් රකින්න දූෂණ විරෝධී පෙරමුණත් සෙට් වෙයි.. විල්පත්තුව කැපුවේ දැව සංස්ථාවලු !

විල්පත්තු වනාන්තර විනාශය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවලට පිළිතුරු දීම සදහ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් පසුගිය 19 වනදා මාධ්‍ය හමුවක් කැදවා තිබිණී.

එම මාධ්‍ය හමුවට, දූෂණ විරෝධී පෙරමුණ හා එක්ව කටයුතු කරන පරිසරවේදී තිලක් කාරියවසම් සහභාගී වී සිටි අතර එල්ල වී තිබෙන චෝදනාවලින් බදුර්දීන් අමාත්‍යවරයා ආරක්ෂා කරමින් ඔහු අදහස් දැක්වීය.

විල්පත්තුවේ පළමු වතාවට ජනාවාස ඇතිකරේ විජය රජ්ජුරුවන් බව පැවසූ ඔහු, බදුර්දීන් අමාත්‍යවරයා සහ මුස්ලිම් ජනතාව විල්පත්තු වන විනාශයට සම්බන්ධ නැති බවත්, එහි වනාන්තර එළිකර ඇත්තේ රාජ්‍ය දැව සංස්ථාව විසින් බවත් සදහන් කළේය. ෆේස්බුක් වීරයන් විසින් විල්පත්තුවේ නැති ප්‍රශ්නයක් මවා පෙන්වන බවද ඔහු පවසා සිටියේය.

එහිදී අදහස් දක්වමින් බදුර්දීන් ඇමතිවරයා සදහන් කළේ ආණ්ඩුව විසින් නැවත පදිංචිකිරීම් සිදුකර නොමැති බවයි. අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පැමිණ තමන් පදිංචිව සිටි ස්ථාන වනාන්තරයෙන් හදුනාගෙන යළි පදිංචි වී ඇති බවද ඔහු පැවසීය.

විල්පත්තු වනාන්තර විනාශය පිළිබදව බදුර්දීන් අමාත්‍යවරයා සහ ඔහුගේ මුදලට යටවූ පුද්ගලයන් පතුරවන මිත්‍යාව සහ වන විනාශයේ ඇත්ත කතාව මෙැතිනින්

Related posts

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday