Colombo Today Local News

රවී අයවැයෙන් ‘සමෘද්ධිය‘ නැති කරයි !.. එස්.බී. ගෙන් නිවේදනයක්

ravi232සමෘද්ධි ව්‍යාපාරය “ජන ඉසුර” ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා වලදී ප්‍ර‍කාශ වූ බව අද (11දා) දින මාධ්‍ය ‍කරනු ලැබූ වාර්තා සත්‍යයෙන් තොර බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් 2017 වර්ෂය දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍ර‍කාශ කර ඇති අතර ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට නියමිත දුප්පත් කම තුරන්කිරීමේ වැඩ සටහන ජන ඉසුර ලෙස නම් කළ යුතු බව යෝජනා වූ බවත්, එහෙත් මුදල් ඇමැතිවරයා විසින් සිදු කළ අයවැය කථාවේදී මෙම කාරණය නිසි පරිදි සන්නිවේදනය නොවූ බවත් අමාත්‍ය දිසානායක මහතා ප්‍ර‍කාශ කරයි.

මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාවේ සඳහන් වූයේ,

‘අපගේ ඉලක්ක කරගා යාමට සුදුසු උපායමාර්ගික ක්‍රමවේදයක් ඇති කිරීම තහවුරු කරන අතර මේ පිළිබඳව සොයා බැලීමට කාර්ය සාධණ බලකායක්ද පත්කරනවා. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර’ ලෙස නම් කිරීමට මා යෝජනා කරනවා’ යනුවෙනි.

Related posts

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

Admin

මඩකළපුව සියොන් දේවස්ථානයේදී පාස්කු වින්දිතයින් සැමරේ!

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

ඇලෝසියස් මටත් උදව් කරා.. රාජපක්ෂලාටත් උදව් කරා – එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

colombotoday

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday