Colombo Today Local News

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

26562

ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රීපාද පුදබිම් රක්ෂිතයට මායිම්ව මරේ ග්‍රාමයේ “පීක් ෆීල්ඩ්“ වත්තේ සිදුවන ඉදිකිරීමක් සම්බන්ධයෙන් කළ හෙළිදරව්වක් හේතුවෙන් ceylonleader.com වෙබ් අඩවියේ කතෘවරයා පොලීසියට කැදවා ඇත.

එම වත්තේ හිමිකාරීත්වය දරන ADCG Property Investment Pvt (Ltd) නම් අරාබි එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගම වෙනුවෙන් අදාළ ඉදිකිරීම් කටයුතු සදහා අයදුම්පත ඉදිරිපත්කල පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ නැමැත්තාගෙන් එහි සිදුවන ඉදිකිරීම සම්බන්ධයෙන් විමසීමක් කර අදාල පුවත එම වෙබ් අඩවියේ පලකර තිබිණි.

අද (6) උදෑසන වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ ඇමතු නාරාහෙන්පිට පොලිසියේ නිලධාරිවරයකු විසින් එම පුවත සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හෙට (7) උදෑසන 10ට නාරාහේන්පිට පොලිසියේ විවිධ පැමිණිලි අංශය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

Related posts

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

අනුර යන්නේ රනිල් ගිය පාරෙමයි

Admin

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

ආර්ථිකය ගැන ජනපති කී ගණන් හිලව් හා මහබැංකු වාර්තා අතර පරස්පරයක්..

colombotoday