Colombo Today Local News

අර්ජුනගේ මාධ්‍ය මාෆියාවේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින මාධ්‍යවේදීන්ට වැටුප් නෑ !

6dd00e13b3a89ec53141b1898d97d892_xlමුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් ගේ සෘජු අධීක්ෂණය යටතේ, ඔවුන්ගේ සමීපතමයන් විසින් පාලනය කරනු ලබන ‘ලීඩර් ගෲප් ඔෆ් කම්පැනීස්’ පෞද්ගලික සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස දෙකකින් වැටුප් ගෙවා නැත.
රවී කරුණානායක ඇමැතිවරයාගේ නියෝජිතයකු ලෙස ආයතනයේ මෙහෙයුම් කළමනාකාර ධුරය දරන්නේ රුවන් ගාල්ලගේ ය. අර්ජුන් ඇලෝෂියස් ගේ නියෝජිතයකු ලෙස ආයතනයේ සාමාන්‍යධිකාරී ධූරය දරන්නේ ජනප‍්‍රිය නිවේදකයකු සහ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක ය. මීට අමතරව ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන්නේ රවී කරුණානායක ඇමැතිවරයාගේ බිරිඳ ගේ සමීප ඥාතියකු වන අක්බාර් නමැත්තෙකි.

අදාළ වැටුප් ප‍්‍රශ්නය සහ සේවක අර්ථසාධක අරමුදලේ, සේවක භාරකාර අරමුදලේ කොටස් නොගෙවීම ඇතුළු අනෙකුත් වෘත්තීය අයිතිවාසිකම් ලබා නොදීම සම්බන්ධයෙන් ඉහත නියෝජිතයන් හරහා පුවත්පත් වල ආයෝජකයන් වන රවී කරුණානායක ඇමැතිවරයා සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් දැනුවත් කර ඇත. මීට අමතරව ආයතනයේ ගණකාධිකාරි නජිත් ද අල්විස් විසින් ආයතනයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද බරපතල චෝදනා එල්ල වී තිබේ. එහෙත් පාලනාධිකාරිය මගින් ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු විධිමත් පියවරක් ගෙන නැත.

මේ වනවිට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම සමිබන්ධයෙන් ආයතනයේ සේවකයන් අදාළ ආයෝජකයන්ට සහ පාලනාධිකාරියට බරපතල විරෝධය දක්වමින් ‘සන්ඩේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත්වල මේ සතියට අදාළ රාජකාරි කටයුතු නොකිරීමට තීරණය කර ඇත.
එසේ ම මෙසේ තමන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකමක් වන වැටුප් අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමටත්, නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් ලීඩර් ගෲප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිස වැඩිදුරටත් තීරණය කර තිබේ.

Related posts

ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍යත් සොරකම් කරලා.

Admin

ඩුප්ලිකේෂන් මාර්ගය යළි ඇරේ..

Admin

ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන නියෝග

colombotoday

‘ගිනි අවි සහ ගිනිකෙළි‘ තුළින් පාතාලයේ ඇත්ත රටට හෙලිකළ අනුර හොරේෂස් ඥාණසාර හිමිගැන කියන දේ

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin

“ETCA අත්සන් කිරීම ළගදීම.. නිල සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය එනවා” – ආචාර්ය හර්ෂ

colombotoday