වත්මන් ආණ්ඩුවේ දූෂණ වංචා ඇතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කිසි විටෙක කැබිනට් මණ්ඩලයේදී කතා කර නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ආණ්ඩුවේ ඇමැතිවරුන් දූෂණ වංචා කර ඇත්නම් ඒ බව කතා කළ යුත්තේ ඇමැති මණ්ඩල හමුවේදී මිස එළියේදී නොවන බවද හෙතෙම කීය.
ඊයේ (05 දා) පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එම කාරණය සඳහන් කළේය.
”මෙම ඇමැතිවරුන්ට ඇමැති මණ්ඩලයේදී කතා කරන්න කොන්දක් නැතැයි ද එළියට ගිහින් බොරුවට වීරයෝ වෙනවා” යෑයි ද කී ඇමැතිවරයා, මේ ඇමැතිවරුන් පසුගිය රජයේ දූෂණ වංචා වෙද්දී හිටියේ කොහේදැයි විමසීය.
තමා පසුගිය රජය සමයේදී සිදුවූ දූෂණ පිළිබඳව එළියේදී කතා නොකළ බවත්, ඇමැති මණ්ඩල රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුහුණටම විමසූ බවත් ඔහු පැවැසීය.