Colombo Today Local News

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

පසුගිය රජය සමයේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සදහා වගකිවයුතු චූදිතයෙක් යැයි කියන සුනිල් හෙට්ටිආරච්චි නැමැත්තා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබේ.

ඔහු හෙට (01) උදෑසන 9.30 ට පමණ බත්තරමුල්ල ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍යා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පසුගිය ආණ්ඩුසමයේ සංචාරක අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවිට ඔහු විසින් සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා පිළිබදව මේ වනවිට පුලුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වව තත්වයක් තුළත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ පත්වීම සිදුකර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ධූරය භාර ගැනීමට පෙර ඔහු ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇත.

සුනිල් හෙට්ටිආරච්චි මහතා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන වකවානුවේ වර්ෂ 2012 වනවිට අවසන් කළ යුතු ව්‍යාපෘති අවසන් කර ඇත්තේ 2013 වසරේ මැද භාගයේ බවත්, මේ ව්‍යාපෘති වලදී ලක්ෂ 50 අධික මුදලක් මේ තැනැත්තාගේ වගකීම යටතේ අවභාවිත වී ඇති බවත් විගණන දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියයි.

එමෙන්ම වර්ෂ 2013 දී මොවුන් විසින් දියත්කළ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති සදහා වියදම් කළ රුපියල් කොටි 87 සම්බන්ධව පිළිගත හැකි සාධක ඉදිරිපත් කර නොමැති බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.

(lankanewsline)

Related posts

“ජනපති මෛත්‍රී මාස පහකින් මිය යන්නේ නෑ.. විජිත රෝහණ රේඩියෝ කැසට් කාරයෙක්” – ඉන්දික තොටවත්ත

colombotoday

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

බැදුම්කර කොමිසමේ දුන් සාක්ෂි අවසන් වාර්තාවේ නෑ.. කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩිවෙයි !

colombotoday

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් සෝභිත හිමියන් ඉවත් වෙයි

colombotoday

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

පක්ෂයේ තීන්දු ගන්නේ සමනළ රෑනක්.. එජාපය සමලිංගිකයන්ගෙන් බේරාගත යුතුයි – හිටපු ඇමති විජේදාස

colombotoday