Colombo Today Local News

අපරාදයකට අරඇද්ද දෙකක් පොලිස් අත්අඩංගුවට

මන්නයක් සහ කඩුවක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ආයුධ සන්නද්ධව පුද්ගලයන් සිවුදෙනකු යතුරුපැදි දෙකකින් රැඳී සිටින බවට බියගම පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත.

ප්‍රධාන සැකකරු ගමන්ගත් යතුරුපැදි ආසනයේ සඟවා තිබී මෙම කඩුව සහ මන්නය සොයාගෙන ඇත.

තව දුරටත් පරීක්ෂා කිරීමේ දී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 ට අධික ප්‍රමාණයක් ද තිබූ බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු සමග යතුරු පැදියෙන් ගමන් ගත් සෙසු සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමඟ රැඳී සිටි තවත් සැකකරුවන් දෙදෙනකු යතුරුපැදිය එම ස්ථානයේ දමා පලා ගොස් ඇත.

Related posts

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

සිසුවියක් කැලෑ ප්‍රදේශයකට ගෙන ගිය විවාහකයාව ගස්බඳී

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

ජාතික ආරක්ෂාව අංක 1, නවීන ලොවකට ලංකාව රැගෙන යන ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 එළිදැක්වෙයි !

colombotoday

මාර්ග කිලෝමීටර් 1500ක් වැඩිදියුණු කරන්න කැබිනට් අනුමැතිය

Admin