Colombo Today Local NewsTop Stories

විජයකලාගේ බංකලොත් බාවය වසා ගන්න දෙමල ජනතාව බෙදුම්වාදයට තල්ලු කරනවා – හිංදු සම්මේලනය

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදුකල ප්‍රකාශය සමස්ත දෙමල ජනතාවගේ අදහස නොවන බව ශ්‍රී ලංකා හිංදු සම්මේලනය පවසනවා. එහි සභාපති එන් අරුන්කාන්ත් මහතා ඊයේ (4) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් “විජයකලා මහේෂ්වරන්ට අපගේ දැඩි විරෝදය පලකරනවා. ඒ වගේම ඇමතිතුමියගේ මතය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා වගේම හෙලා දකිනවා. යම්කිසි අදහසක් පෞද්ගලිකව ප්‍රකාශ කරනවානම් එතුමියට ඔනිතරම් අවස්ථාව යාපනයේ තිබුනා. නමුත් ඇය ඇයගේම රජයේ ප්‍රබල ඇමතිවරු දෙදෙනක් ලග තබාගෙන ප්‍රකාශය සිදුකිරීම තුලින් උත්සහ ගත්තේ එය සමස්ත දෙමල ජනතාවගේම අදහස ලෙස හුවා දැක්වීමටයි. ඇය දෙමල ජාතියේම නායිකාව ලෙස පෙන්වීමටයි ඇය උත්සහ ගත්තේ” යැයි සඳහන් කර සිටියා.

විජයකලා මහේෂ්වරන්ගේ දේශපාලන බන්කලොත්බාවය වසාගෙන ඉදිරි මැතිවරණයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ උත්සහයක් ලෙස ඇය මෙම ප්‍රකාශය සිදුකල බව අරුනකාන්ත් මහතා සඳහන් කර සිටියා. සත්‍ය වශයෙන්ම උතුරේ ප්‍රශ්න කිහිපයක් තිබෙන බවත් “යාපනයේ පාතාල ප්‍රශ්න හේතුවෙන් ජනතාව බියකින් ජීවත්වෙනවා. ඒ වගේම විරැකියාව දැඩි ලෙස තිබෙනවා. වැන්දඹුවන්ගේ ගැටළුවක් තිබෙනවා. ඒ වගේම පුනුරුත්තාපනය ලැබූ ළමා සොල්දාදුවන්ගේ ජිවනොපය කරගෙන යාම පිළිබඳව ගැටළුවක් තිබෙනවා. නමුත් මේ සියල්ලට විසඳුම් ලබා දෙනවා කියලා තමයි විජයකලා පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කලේ. එසේ ජයග්‍රහණය කල ඇයට මේ කිසිම ප්‍රශ්නයකට විසඳුම් ලබා දෙන්න බැරි උනා.” යැයි ප්‍රකාශ කර සිටියා.

ඇය පිටුපස දෙමල ඩයස්පෝරාව සිටින බව තම සංවිධානය විශ්වාස කරන බවත්, විජයකලාගේ බෙදුම්වාදී මතය හේතුවෙන් සිංහල ජනතාව දෙමල ජනතාව අවිශ්වාස කරන තත්වයකට පත්වී ඇති බවත් අරුන්කාන්ත් මහතා මෙහිදී පැහැදිලි කර සිටියා. “මොවුන්ට සැබෑ ලෙසටම උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න උවමනාවක් නෑ. මේ සියලු ප්‍රශ්නවලින් ජනතාව පිඩාවට පත්කර නැවත ඔවුන් අතට ආයුධ ලබා දීමේ වැඩසටහනක් තමයි විජයකලා සහ ඩයස්පෝරාව සිදු කරමින් සිටින්නේ.” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අවුරුදු 4ක් ඇමති ලෙස ඉඳලත් මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී සිටියේ හිතාමතාම බවත් විජයකලා යනු ලංකාවේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිඳක් බවත් ඇයට දෙමලජනතාවට නායකත්වයක් දෙන්න වගකීමක් නෑ වගේම ඇයට අවශ්‍ය තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට පමණක්ම බවත්, මෙය දෙමල ජනතාව අන්තවාදයට තල්ලු කරල තමන්ගේ පටු අරමුණු ඉටුකරගැනීමට ගත උත්සහයක් බවත් හිංදු සම්මේලනය අවධාරණය කර සිටිනවා.

Related posts

පැනම පත්‍රිකා බොරු.. විද්‍යා අමරපාල පිරිසිදුයි.. FCID ය කියයි !

colombotoday

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

colombotoday

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

colombotoday

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට රැගෙන එයි

colombotoday

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday