Colombo Today Local News

සජිත්, නවීන්, ඉන්දික අනූ නවයෙන් බේරෙයි.. හෙලිකොප්ටරය එළවලු කොටුවේ !

නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා, වැවිළි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා, නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක ඇතුළු පිරිසක් රැගත් හෙලකෝප්ටර් යානය අද (25) නුවරඑළිය – සීතාඑළියේදී එළවළු කොරටුවකද හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

මොවුන් මෙම හෙලිකොප්ටර් යානයෙන් කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් කර ඇත්තේ නුවරඑළිය – සිනෙසිටා ශ්‍රවණාගාරයේ සංවිධාන කර තිබූ උත්සවයකට සහභාගිවීම සඳහායි.

යානය ගොඩබැස්සවීමට නියමිතව තිබී අැත්තේ නුවරඑළිය තුරඟ තරඟ පිටියටයි.

පැවති අධික මීදුම් තත්ත්වය නිසා නියමුවා යානය ඉතාමත් පහළින් ගමන් කර ඇති අතර එහිදී ඔහු අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් හෙලිකොප්ටර් යානය ආසන්නයේ පවතින බවට දැක සැනින් ක්‍රියාත්මක වී යානය කටුමාන්න ප්‍රදේශයේ වගා බිමකට මෙලෙස ගොඩබස්සවා තිබේ.

Related posts

“පන්සලේ පිරිත් කරදරයක්” යැයි මිලින්ද මොරගොඩ දැමු නඩුවෙන් උඩුවේ හිමිට ඇප ලැබේ

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday

බුදු රජාණන් වහන්සේ “අහිවාතක” නමින් හැඳින්වූවේ කොරෝනා වෛරසයි. මහාවග්ග පාලියේ දේශනාව ගැන ඥානසාර හිමි කියති

colombotoday

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

colombotoday