Colombo Today Local News

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

monk 2154

2015 ජනවාරි මාසයේ 08 වනදා සිටි 2016 වසරේ මාර්තු 31 වනදා දක්වා කාලය ඇතුලත භික්ෂූන් වහන්සේලා 81 නමක් බන්ධනාගාරගත කර ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඉදිරිපත් කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සාශනික අභ්‍යන්තර ගැටළු සහ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සදහා සංඝාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් තෛනිකායික මහ නාහිමිවරුන් පසුගිය සමයේ රජයට ඉල්ලීම් කර සිටියද මේ දක්වා ඒ පිළිබදව අවධානය යොමුව නැත.

Related posts

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

දවස් 50න් මැජික් පෙන්නන්න බෑ

Admin

අද පාර්ලිමේන්තු යනවාද? නැද්ද? – ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසුව…

colombotoday

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin