Colombo Today Local News

ETCA තීන්දුයි ! ඉන්දීය ප්‍රධාන සාකච්ඡාකරු භල්ලා ලංකාවට එයි

bhalla656ඉදිරියේදි අත්සන් කිරීමට යෝජිත ඉට්කා (ඉන්දු ලංකා ආර්ථික සහයෝගීතා තාක්ෂණික ගිවිසුම) පිළිබදව තීරණාත්මක සාකච්ඡාකට ඉන්දීය රජය පාර්ශවයේ ප්‍රධාන සාකච්ඡා මෙහෙයුම්කරු බුජින් ද භල්ලා මහතා අගහරුවාදා (09) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

බූජින් ද භල්ලා මහතා ඉන්දීය රජයේ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ඔහු ඉට්කා ගිවිසුම සම්බන්ධව සාකච්ඡාවලට සහභාගී වන්නේ පසුගිය දා ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනී නිර්මලා සීතාරාම් මහත්මිය සමග පවත්වන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි.

බුජින් ද භල්ලා මහතා රජය සමග සිදුකරන ප්‍රධාන සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී වන්නේ ආචාර්ය සමන් කැලේගම මහතායි.

මේ වසර අවසානයේ ඉට්කා ගිවිසුම අත්සන් කිරීම ඉලක්ක කරගෙන මෙම සාකච්ඡා පැවැත්වේ.

– දේශය

Related posts

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday

රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොළේ අමාරුවක් නැහැ…

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

ISIS මරණ තර්ජන හේතුවෙන් මියා කලීෆා රංගනයෙන් ඉවත් වේ

colombotoday