Colombo Today Local News

කතරගම ගිහින් දඩ මස් ඉල්ලූ අයට දේව සාපය වැදී බලුමස් කන්න වෙයි!

dog m13

මෙවර ඇසල උත්සව සමයේ කතරගම පැමිණෙන වන්දනා කරුවන් සඳහා දඩමස් බව අඟවමින් බලු මස් සැපයීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී ඇත.

කලෙක සිට ඇසල උත්සව සමයේ කතරගම ප්‍රදේශයේ අප්‍රකටව සිදුව ඇති මෙම ජාවාරම මෙවර වඩාත් සංවිධානාත්මකව ලෙස හිස ඔසවා ඇති බව අනාවරණය වී ඇත්තේ පසුගිය දිනවල කතරගම ප්‍රදේශයේ කරන ලද විමර්ශනයකදීය.

එමෙන්ම කතරගම පූජා නගරය සහ ඒ අවට සැරිසරන නිවාස අහිමි සුනඛයන් අල්ලාගෙන ගොස් බැඳ තබන ස්ථානයක් ද නිරීක්ෂණයට ලක්වී ඇත. එය පිහිටා ඇත්තේ සෙල්ල කතරගම දඹේ පාර අද්දර වන ගැබක් ආශ්‍රිතව ය. එසේ එහි රඳවා තැබෙන සුනඛයන් වන්දනාකරුවන්ගෙන් ලැබෙන දඩ මස් ඇනවුම් මත මරා මස් කෙරෙන බව ද අනාවරණය වී ඇත. මේ අතර එසේ මස් පිණිස මරා දැමෙන සුනඛයන්ගේ හිස් සහිත පෝර උර කිහිපයක් ද පසුගිය කාලයේ ප්‍රදේශවාසීන් හට හමුවී තිබේ.

සෙල්ල කතරගම ගණ දේවිලයේ ප්‍රධාන පූජක ස්වාමි යූ.සී. දිසානායක මහතා පවසන්නේ කතරගම අවුත් දඩමස් ඉල්ලන්නවුන්ට කතරගම දෙවිඳුන්ගේ සාපය වැදී බලු මස් කෑමට සිදුවන බවය. එමෙන්ම එම සාපය එතැනින් නිමා නොවී දිවි ඇති තුරාවට ඔවුන් වෙත එල්ල වන බව ද පූජක තුමා අවධාරණය කරයි.

Related posts

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන අගමැති සමාව ඉල්ලයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

colombotoday