Colombo Today Local News

“වෙනත් බලවේග හැදුවොත් තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපනවා” – සන්ධාන මහලේකම්

mahinda amaraweera

වෙනත් දේශපාලන බලවේග හෝ දේශපාලන පක්‍ෂ සාදාගෙන පක්‍ෂය භේද භින්න කරන සියලු දෙනා තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපා හැරීමට 30 දා රැස්‌වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිප නායකයා මෙන්ම සභාපතිවරයා ද වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය 30 දා රාත්‍රියේ රැස්‌වූ බව ද හෙතෙම කීවේය.

වෙනම පක්‍ෂ හෝ බලවේග සාදා ගැනීමෙන් සිදුවන්නේ ශ්‍රිලනිපය භේද භින්න වීම බව ද ඒ හරහා මීළඟ මැතිවරණවලින් පක්‍ෂය පරාජයට පත් කරවීමට පිරිසක්‌ උත්සාහ කරන බව ද මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

විවිධ පිරිස්‌ තැන් තැන්වල ප්‍රකාශ කරමින් අලුත් බලවේග සහ පක්‍ෂ සාදන බවට ප්‍රචාරය කරමින් සිටින බව කී හෙතෙම මොවුන් උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමට බව ද කීය.

එම නිසා මෙම කුමන්ත්‍රණකාරීන් කුමන තරාතිරමක අය වුවත් ශ්‍රීලනිපයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරි මණ්‌ඩලය තීරණය කළ බව කී මහින්ද අමරවීර මහතා පක්‍ෂයට ආදරය ඇති ඕනෑම කෙනකුට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එක්‌ව පක්‍ෂය ශක්‌තිමත් කිරීමේ කටයුත්තට දායක විය හැකි බව ද කීවේය.

– දිවයින

Related posts

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

colombotoday

ශ්‍රීලනිප යේ සිංහලකම බෝඩ් එකෙනුත් හැලෙයි.

colombotoday

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

මානව හිමිකම් රකින්න, සංහිදියාව ඇති කරන්න නව වැඩපිළිවෙළක් හදනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනපති කියයි

colombotoday

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

colombotoday

“තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

colombotoday