Colombo Today Local News

“වෙනත් බලවේග හැදුවොත් තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපනවා” – සන්ධාන මහලේකම්

mahinda amaraweera

වෙනත් දේශපාලන බලවේග හෝ දේශපාලන පක්‍ෂ සාදාගෙන පක්‍ෂය භේද භින්න කරන සියලු දෙනා තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපා හැරීමට 30 දා රැස්‌වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිප නායකයා මෙන්ම සභාපතිවරයා ද වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය 30 දා රාත්‍රියේ රැස්‌වූ බව ද හෙතෙම කීවේය.

වෙනම පක්‍ෂ හෝ බලවේග සාදා ගැනීමෙන් සිදුවන්නේ ශ්‍රිලනිපය භේද භින්න වීම බව ද ඒ හරහා මීළඟ මැතිවරණවලින් පක්‍ෂය පරාජයට පත් කරවීමට පිරිසක්‌ උත්සාහ කරන බව ද මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

විවිධ පිරිස්‌ තැන් තැන්වල ප්‍රකාශ කරමින් අලුත් බලවේග සහ පක්‍ෂ සාදන බවට ප්‍රචාරය කරමින් සිටින බව කී හෙතෙම මොවුන් උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමට බව ද කීය.

එම නිසා මෙම කුමන්ත්‍රණකාරීන් කුමන තරාතිරමක අය වුවත් ශ්‍රීලනිපයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරි මණ්‌ඩලය තීරණය කළ බව කී මහින්ද අමරවීර මහතා පක්‍ෂයට ආදරය ඇති ඕනෑම කෙනකුට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එක්‌ව පක්‍ෂය ශක්‌තිමත් කිරීමේ කටයුත්තට දායක විය හැකි බව ද කීවේය.

– දිවයින

Related posts

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday

මංගල සමරවීර බණ නැවත්තුවාට බුද්ධශාසන ඇමතිගේ කනගාටුව

colombotoday

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

ඥාණසාර හිමි කුමන්ත්‍රණකරුවෙක්ද? ආණ්ඩුව වැට්ටුවේ ඥාණසාර හිමිද? – බොදු බලය පිළිතුරු දෙයි

colombotoday

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

Admin

රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි – ජනපති UNඑකට දන්වයි

colombotoday