Colombo Today Local News

මහබැංකු අධිපති පත්කරන තීරණය අකුලාගෙන ජනපති පසුබහී.. මහෙන්ද්‍රන් ඕනමයි අගමැතිගෙන් දැඩි බලපෑම්

sidfh

ඉදිරි පැය කිහිපය ඇතුළත නව මහබැංකු අධිපතිවරයා පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා ඊයේ පෙරවරුවේ ප්‍රකාශක කළද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි බලපෑම මත එම තීරණය හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

ඊයේ සවස වනවිට නව මහබැංකු අධිපතිවරයෙක් පත් කිරීම සදහා ජනාධිපතිවරයා සූදානම්ව සිටියද අර්ජුන් මහෙන්ද්‍රන් ම යළිත් වරක් පත් කරන්නැයි අගමැතිවරයා දැඩි ලෙස බල කර බලකර ඇති හෙයින්නව අධිපතිවරයා පත්කිරීම තව දින කිහිපයකින් පමාවීමට ඉඩ ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

si33
පුස්සක් වූ ජනපතිගේ ට්වීටර් නිවේදනය

ජනාධිපතිවරයා විසින් ආර්ථික විද්‍යාව පිළිබදව විශේෂඥයන් දෙදෙනෙකු වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම් නිර්දේශ කර ඇති අතර එය ඊයේ ඔහුගිරාදුරුකෝට්ටේ යෑමට පෙර සිදුකර ඇති බව සදහන්වෙයි.

එයින් කලබලයට පත් අගමැතිවරයාගේ පාර්ශවය මහබැංකු අධිපති ධූරය සදහා අගමැතිවරයාගේ සමීප සගයෙකු වන චරිත රත්වත්තේගේ නම යෝජනා කර ඇත. එම යෝජනාවට ජනාධිපතිවරයාගේ එකගත්වය පළවී නොමැති අතර නව මහබැංකු අධිපතිවරයා පත්කිරීමට කල් ඉල්ලා ඇති අගමැතිවරයාගේ පාර්ශවය කෝප් කමිටු වාර්තාව නිකුත් වීමෙන් පසුව නැවත වරක් අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්කිරීමට අගමැතිවරයාගේ පාර්ශවය යළිත්වරක් මෙහෙයුමක් අරඹා ඇතිබව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෝප් කමිටු වාර්තාව ලබන ජූලි 05 වනදා නිකුත් වීමට නියමිත අතර එතෙක් බැඩබලන මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීමට දෙපාර්ශවය එකගත්වය පළකර තිබෙන අතර රනිල් පාර්ශවයේම හිතවතෙකු වන නියෝජ්‍ය මහබැංකු අධිපති පී සමරසිරි මහතා ඒ සදහා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ.

 

Related posts

මාලිමා කාර්යාලයක් වටලයි

Admin

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි. රනිල් තවමත් නෑ

colombotoday

MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්නේ නෑ- විමල්

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

රනිල්-සජිත්ට අද විශේෂ දවසක්

Admin

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

colombotoday