උතුරු පළාතෙන් හමුදා කදවුරු ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ පවසයි. එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට ලබාදී ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහත් අද පෙරවරුවේ අස්ගිරි මහානාහිමි බැහැදුටු අවස්ථාවේ උන් වහන්සේ මේබව කියා සිටියේය.
ලබාගත් සාමයට ගැටළුවක් නොවන ආකාරයෙන් සියලු දෙනා එක්ව වාද භේද දුරලා කටයුතු කිරීමෙන් පමණක් රට සංවර්ධනය කරා රැගෙනයා හැකි බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි ප්‍රකාශ කළේය.