ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ එම තීරණයට යටත්ව, එක්සත් ජනතා නිදහස් සන්ධානය අද පෙරවරුවේ දේශපාලන පක්ෂ 15ක් සමඟ ගිවිසුම් ගත වී තිබේ.
සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂ සමඟ සිය නිල නිවසේදී එම ගිවිසුම් අත්සන් කර ඇත.
හිටපු ඇමති තොන්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය, හිටපු ඇමති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපීඞීපී හා හිටපු ඇමති අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය එසේ අත්සන් තැබූ පක්ෂ අතර වෙයි.
එම පක්ෂ මීට පෙරද සන්ධානය හා එක්ව කටයුතු කලහ.