Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්

චන්ද්‍රා ඒකනායක මහත්මිය පසුගියදා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර සඳහා අගවිනිසුරු ශ්‍රීපවන් මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මියගේ හා විජිත් මලල්ගොඩ මහතාගේ නම් ජනාධිපතිවරයා වෙත යොජනා කර ඇත.

එහිදී අග විනිසුරුවරයා, අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතමයා වන දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නිර්දේශ කර තිබේ.

එහෙත්, අභියාචනා අධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ මහතාට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියක වන අභියාචනා අධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ නම යෝජනා නොකිරීම අධිකරණ ක්ෂේත්‍රයේ මේවනවිට කතාබහට ලක්ව ඇත.

ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, අභියාචනා අධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය ලඟදි විශ්‍රාම ගැනීමට නියමිත බැවින් අගවිනිසුරුවරයා අයගේ නම යෝජනා නොකරන්නට ඇති බවයි.

අභියාචනා අධිකරණ විනිසුරුවරයකු වයස අවුරුදු 63 සම්පුර්න වනවිට විශ්‍රාම යා යුතු වන අතර, මාලනී ගුණරත්න මහත්මියට මේ වසරේ ජුනි මසවනවිට වයස අවුරුදු 63ක් සම්පුර්ණ වේ.

එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට වයස අවුරුදු 65 දක්වා සේවය කිරීමේ අවස්ථාව හිමි බැවින් මෙසේ මාලනී ගුණරත්න මහත්මියගේ නම ශ්‍රේෂ්ඨාධිකරණට යෝජනා නොවීම ඇයට වූ අසාධාරණයක් බව අධිකරණ ක්ෂේත්‍රයේ පිරිසකගේ මතය වී තිබේ.

කෙසේවුවද, අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩුවට සුදුසු අයකු පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනි. ඒ, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නම් සැලකිල්ලට ගනිමිනි.

-srilankamirror-

Related posts

දුක කියන්න ආ වව්නියාව සිංහල වැසියෝ පැය 3ක් අව්වේ කරවෙයි.. රජයේ බලධාරියෙක් අහලක ඇවිත් නෑ

colombotoday

සෝභිත හිමි අපවත්වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් – අභිරහස් තොරතුරු රැසක් හෙළිදරව් කරයි

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

කෝටි 33ක් වැය කර මුද්‍රණය කළ සජිත්ගේ පෝස්ටර් තොගයක් නිවාස අධීකාරියේ මුද්‍රණාලයෙන් හමුවෙයි…

colombotoday