Colombo Today Local NewsTop Stories

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියම කරන ලදී.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේ මෙම තීන්දුව ලබා දෙන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතර, මෙම පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.

සැකකරු මුදා හැරීමෙන් අනතුරුව ඔහු රටින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බව මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක පමණ කාලයක් රඳවුම් භාරයේ තැබූ අතර මාස හතක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි බවයි.

ඉන්පසුව තම සේවාදායකයාට එරෙහිව සෘජු සාක්ෂි නොමැති බවට රජයේ නීතිඥවරයා විසින් දැනුම්දීමෙන් පසුව ඔහු ඇපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටි අතර, නිදහස් වීමෙන් පසු විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවාදායකයාට බරපතළ තර්ජන එල්ල කළ බවත්, සිය ජීවිතය පිළිබඳ ඇතිවූ බිය නිසා ඔහු රටින් පලාගොස් ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කර සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස නියම කරන ලදී.

Related posts

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

colombotoday

ස්වර්ණමහල් ජුවෙලර්ස් අධ්‍යක්ෂවරු කළු සල්ලි සැගවූ හැටි අධිකරණයේදී හෙළිවේ

colombotoday

ත්‍රස්ත විරෝධී නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරුන් 40ක්.. ඒකාබද්ධයට කැපිල්ලක්… බෙලිඅත්ත සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට

colombotoday