Colombo Today Local NewsTop StoriesUncategorized

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය රජයන්හි ඇමැති ධුර දෑරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් හය දෙනකු සම්බන්ධයෙන් ලැබුණු දූෂණ සහ වෙනත් අපරාධමය චෝදනාවලට අදාළ මෙහෙයුම් දියත් කර තිබිණ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මේ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඉකුත් කාලයේදී දිගින් දිගටම සිදුවූ මහා පරිමාණ වංචා සහ දූෂණ සිද්ධීන් රැසක් හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනින් පාඩු සිදුව ඇති බව සඳහන් කරමින් විගණකාධිපතිවරයා නිර්දේශ රැසක් නිකුත් කර ඇත.

විගණකාධිපතිවරයා විසින් විශේෂ විගණන වාර්තාවන් ඉදිරිපත් කරමින් නිර්දේශ කර ඇත්තේ රජයට පාඩු කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, එම පාඩු වූ මුදල අදාළ වගකියුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙසයි.

දීර්ඝ කාලයක් තිස්සේ නිසි විමර්ශනයක් නොකළ පැමිණිලි අතරින් 300 ක පමණ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙන බවටත් විශේෂයෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල සිදුවූ බරපතල දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලබාදුන් නිර්දේශ යට​තේ එම විමර්ශන සිදු කරන බවටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කලේ විගණකාධිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් විශේෂ විගණන වාර්තා පදනම්ව නීති අංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඒ අනුව පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධීන්වලට වගකිවයුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ මත හඳුනාගත්, හිටපු මැති ඇමැතිවරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම මගින් අධිචෝදනා ගොනු කරන බවත්ය.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකු, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකු, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ද බදුල්ලේ සහ මොණරාගල දිස්ත්‍රික්ක නියෝජනය කළ හිටපු ඇමැතිවරුන් දෙදෙනකු ද වන බව ආරන්චි මාර්ග අනාවරණය කර ඇත.

මෙ පිරිස අතරින් ඇතැමකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත.

සටහන-සත්සරණී

Related posts

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

colombotoday

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

colombotoday

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

colombotoday

කොන්සියුලර් සේවා අද සිට සාමාන්‍ය පරිදි

colombotoday

20ට අත උස්සනවාද නැද්ද? – රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday