Colombo Today Local NewsTop Stories

චන්ද්‍රිකාට මල පනී – මැතිවරණ කොමිසමට ලිපියක්!

“මගේ ප්‍රතිරූපය අනවසරයෙන් භාවිතා කිරීම දේශපාලනික වශයෙන් පමණක් නොව සදාචාරාත්මක වශයෙන් ද වැරදියි”

මෙහෙම කියන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා.

ඇය මෙසේ කියා සිටින්නේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්.

එම පැමිණිල්ල තුළ ඇය චෝදනා නගන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ “පුටුව ලකුණෙන්” මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තමන්ගේ අවසරයකින් තොරව ඇයගේ ඡායාරූප තම මැතිවරණ ප්‍රචාරණ පෝස්ටර් සඳහා යොදාගෙන ඇති බවට පවසමින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න සහ සරණ ගුණවර්ධනගේ ඡායාරූප සමග ඇයගේ ඡායාරූපද එක් කරමින් මෙම පෝස්ටර් තුළ තම ප්‍රතිරූපය අවභාවිතයට ලක් කොට ඇතැයි ඇය තම පැමිණිල්ලෙන් චෝදනා නගා තිබෙනවා.

එසේම, මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බැවින් වහාම මෙම කටයුත්ත නතර කිරීමට පියවර ගන්නා ලෙසද ඇය සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති රීති වලට අනුව කිසියම් පුද්ගලයකුගේ නම හෝ ඡායාරූප ඔහුගේ හෝ ඇයගේ ලිඛිත අවසරයකින් තොරව මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කිරීම තහනම් වන අතර මෙම නීති උල්ලංඝනය කිරීම මැතිවරණ වරදක් ලෙසද සැලකෙනවා .

සටහන – ශෙහාරා

Related posts

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

colombotoday

සංහිදියාවට බාධාවක් ? කුරුණෑගල වෙළගෙදර පිටිය අභියස රණවිරු ස්මාරකය ගලවයි !

colombotoday