“ලොකු ලොකු ගණන් ගන්නේ නෑ මහත්තයා. මහ වැඩේටම පන්දාහයි නැත්තන් හයදාහයි”
මෙහෙම කියන්නේ එක්තරා ස්පා ආයතනයක කළමණාකරුවෙක්. ඔහු අපි එක්ක කියූ සමහර කාරණා ඇත්තෙන්ම පුදුම සහගතයි. දැනට දශකයක පමණ කාලයක ඉඳන් ලංකාව පුරා ප්‍රචලිත වෙන්නට පටන් ගත් ස්පා ගැන අමුතුම හෙළිදරව්වක් මේක. අපේ මිතුරු කළමණාකරුවා කියන විදිහට නම් දැන් දැන් මේවාගේ වැඩ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි.
“ගොඩක්ම දැන් දැන් මේවට එන්නේ සුපිරි බ*කාරයෝ නෙමෙයි. තහඩු වගේ ලෑල්ලක් උඩ විනාඩි විස්සකින් තිහකින් සැර සොමියක් ගන්න බැරි බව රියල් බ*කාරයෝ දන්නවා. මෙතන දැන් වෙන්නේ වෙනම සීන් එකක් බොසා”
ඔහු පවසන ආකාරයට දැන් දැන් වැඩි වශයෙන් මේවාට ඇදෙන්නේ සමාජයේ පහළ තරාතියමේ යැයි සම්මත රැකියාවන් කරන දවස් පඩි, මාස්පඩි ගන්නා පුද්ගලයින් වන අතර ඔවුන් බොහෝ දෙනෙක් දුර පළාත් වලින් පැමිණ නගරයේ බෝඩිම් වූ අවිවාහකයින්. එසේම විවාහක මැදිවියේ රජයේ සේවකයින්ද දැන් දැන් වැඩි වශයෙන් මේවාට ඇදෙන ප්‍රවණතාවක් තිබෙනවා.
මොවුන් බොහෝ දෙනෙක් මෙකී ස්ථාන වලට ඇදෙන්නෙ සුන්දර, සුකුමාල, සුරූපී තරුණියක් ලවා තම ඇඟපත අතගාවාගෙන වින්දනයක් ලබන අටියෙන්. මොවුන් අතරේ සිටින මධ්‍යම පාන්තික විවාහකයන් බොහොමයකගේ සිත් තුළ තම පවුල් සබඳතා ඇතුළේ බෙදාහදාගත නොහැකි වූ ලිංගික ෆැන්ටසීන්ද වනවා. එහෙත්,
“ඇතුළට ගන්නේ එක්දාස් පන්සීයක් අතට අරන්. කෙල්ලට ටිප් එක එක්දාස් පන්සීයයි, නැත්නම් දෙදාහයි. ඒක මසාජ් එකට පස්සේ දෙන්න ඕනේ. මසාජ් එක විනාඩි පහළොවයි. නැත්නම් විස්සයි. ඊට පස්සේ ෆීලින්ස්”
“ෆීලින්ස් කියන්නේ?”
”අයියෝ බොසා ඔයා ළදරුවෙක් වගේ නේ. කෙල්ල කොහොමත් මසාජ් එකට එන්නේ පෑන්ටි එක ගලවගෙන. මසාජ් එකෙන් පස්සේ කෙල්ල උඩ ඇඳුම් පොඩ්ඩක් බුරුල් කරලා එහෙන් මෙහෙන් අතපතගාන්න දෙනවා. ඒකට තමයි ෆුල් ටච් කියන්නේ. කස්ටමර් අතපතගාලා ආතල් එකක් ගන්න අතරේ කෙල්ල අතින් කරලා හැපී එන්ඩින් එක දෙනවා. හැබැයි කස්ටමර්ට කැමති නම් තව දාහක් වියදම් කරලා ලොකු වැඩේම කරගන්නත් පුලුවන්”
මගේ සවන් අදහාගත නොහැකි විය.
“ඒ කියන්නේ සම්පූර්ණ වැඩේටම පන්දාහයි. මොනවා! එච්චර ලාබෙට?”
ඔහු සිනාසෙයි.
“ඔවු. එහෙම තමයි. හැබැයි බොසා ඔයා දන්නවද? දවසට දහ දෙනෙක් ආවොත් එතනික් අටදෙනෙකුටම් වැඩේ කරගන්න බැරිවෙනවා කියලා”
“මොකක්??”
”ඔවු, විනාඩි හතලිස්පහ ගානේ බොසා ගාන හදලා බලන්නකෝ. හරියට බැලුවොත් පැය අටේ දහයේ ශිෆ්ට් එක ඇතුලේ කෙල්ලට කී දෙනෙක් එක්ක වැඩේ කරන්න වෙයිද කියලා. ප්‍රැක්ටිකල් නෑ නේ බොසා”
ඔහු දිගින් දිගටම කියාගෙන යයි.
“කරුමෙට එහෙම සෙට් වෙන වෙලාවලුත් තියෙනවා. සමහර එවුන් යක්කු වගේ එහෙම උන් පෝළිමක් සෙට් වුණොත් කෙල්ලට ඉතින් බඩුම තමයි. එහෙම දෙයක් වෙන්නේ ඉතින් කලාතුරකින්. මේවට එන ගොඩක් එවුන් සෙක්ස් ඇරියස් තියෙන පොඩි පොඩි එවුන්. ඒ ගොඩක් එවුන් එන්නේ ඇඟපත පොඩ්ඩක් අතගාගෙන පොඩි සොමියක් අරන් යන්න. එහෙම එන එවුන්ගෙන් වැඩිපුර ගානක් කඩන ඇමක් තමයි ඔය ඇ** කරන්න දෙන සීන් එක”
“කොහොමද එහෙම කරන්නේ?”
“මෙහෙමයි බොසා. ඔය එන කස්ටමර්ලා ගොඩක් අය මෙහෙට එන්නේ ජනපද කල්‍යාණියෝ වගේ පට්ට කෑලි, ස්ලිම් කඳවල් තියෙන බියුටි ක්වීන්ලා හිතේ මවාගෙන. එහෙම චීස් කෑලි කොහෙද බොසා මෙහේ. ඒවා විකිණෙන්නේ ලොකු ලොකු හෝටල් වල, සැප ඇඳවල් උඩ. ඒකත් ඉලක්කම් හතරේ නෙමයි, තනි නයිට් එකට ඉලක්කම් පහේ, හයේ ගණන් වලට”
ඔහුගේ කතාව එන්න එන්නම රසවත්ය.
“දැන් ඔයාට පේනවනේ බොසා මෙතන ඉන්න කෙල්ලෝ. අර රූපරාජිනී ඔලුවේ තියාගෙන එන කස්ටමර් මේවා දැක්කාම හිත පොඩ්ඩක් ඩවුන් වෙනවා. හැබැයි මේ කෙල්ලොත් හිරට, කොටට ඇඳලා එළියේ දාගෙන පට්ට ලයින් දෙනවනේ. මොනවා උනත් මෝ* අමාරුව ඔක්කොටම වැඩිය ලොකුයිනේ බොසා. ඒක නිසා ඉතින් ලොකු වැඩේම කරන්න දෙනවා කිව්වාම කස්ටමර් පිකප් වෙනවා.
පොර බලනවා ඉතින් යකෝ! අතගාන්න විතරක් හාරදාහක්. තව දාහක් දීලා වැඩෙත් කරගන්න පුලුවන් නම් මොකද කියල. වාසී නේ! ඉතින් පොර කෙල්ලව ගන්නවා බොසා”
දැන් දැන් ඔහුගේ කථාව මා තුළ දැඩි කුතුහලයක් ජනිත කරවයි.
“විනාඩි හතළිස්පහයි කිව්වට වොෂ් දාන්නත් එක්ක පැයක් දෙනවා කියලයි කියන්නේ. ඉතින් පොර වොෂ් එකක් දාගෙන ආවාම බෙඩ් එකේ මුනින් දාලා මසාජ් එකක් දෙනවා. මසාජ් කිව්වට ඉතින් පොඩ්ඩක් අතපත ගාන එක තමයි කරන්නේ. මොකද මේවගේ වැඩකරන කෙල්ලෝ ඩිප්ලෝමා කරලා නෑ නේ බොසා.
කොහොම හරි එහෙන් මෙහෙන් අල්ලලා කෙල්ල කස්ටමර්ව අවුස්සලා ගන්නවා. කස්ටමර් කෙල්ලගේ එහෙන් මෙහෙන් අල්ලන්නයි ඇඳුම් අස්සට අතදාන්නයි ගන්නකොට තමයි සිග්නල් එක. එතකොට කෙල්ල එකපාරම ඇඳුම ගලවලා දානවා. මොකද මේ කෙල්ලෝ දවසම අඳින්නේ එකම ඇඳුම තමයි. කස්ටමර්ගෙන් කස්ටමර්ට ඇඳුම් මාරු කරන්න බෑ නේ. කෙල්ල ඇඳුම ගැලෙව්වට පස්සේ තමයි හොඳම එක වෙන්නේ”
දැන් මට ඔහුගේ කථාවේ ඉතිරි කොටස අසන තෙක් ඉවසිල්ලක් නොමැත.
“කෙල්ල හිරකරගෙන හිටපු ඒවා එළියට දැම්මට පස්සේ සමහරක් වෙලාවට පොරගේ නැ*පු එකත් බහිනවා. මතුපිටින් ඇපල් වගේ තියෙන ඒවා පැපොල් වෙලා, ෆ්ලැට් එකට තිබ්බ බඩේ ටයර් එල්ලෙනකොට පොරගේ සැප කනේ. ඒත් ඉතින්, මොනවා උනත් දැන් සල්ලි ගෙවලා ඉවරනේ. එහෙම හිතලා හිත හදාගෙන පොර කෙල්ලව පෙරලගන්නකොට ටයිම් පනින්න ඔන්න මෙන්න. ඔය කාමරේ ඇතුලට ගියාම ටයිම් යනවා තේරෙන්නේ නෑ. එහෙම නැතත්, ඕවට රිංගන්නේ වෙලාවල් නැකත් බලලා නෙමයිනේ. ඉතින් කෙල්ල පොරව පොඩ්ඩක් කලබල කරනවා ටයිම් පනිනවා කියල. කලබලෙයි, ස්ට්‍රෙස් එකයි නිසා සමහරක් එවුන්ට, ගොඩක් වෙලාවට ගොඩක් එවුන්ට වැඩේ කරගන්න බැරිවෙනවා. අනික, ගොඩක් කෙල්ලෝ ට්‍රේනින් වෙලා ඉන්නේ දාන්න හදනකොට යට මසල්ස් තද කරගෙන ඉන්න. අමාරුකාරයෙක් එක්ක නම් ඒවා බෑ. හැබැයි ඩයල් එක බලලා ගේම ගහන්න මේ කෙල්ලෝ දන්නවා.
ඔය වගේ සීන් නිසා ඉතින් ගොඩක් එවුන්ට ආපු වැඩේ කරගන්න බැරුව තමයි ආපහු යන්න වෙන්නේ. ගොඩක් වෙලාවට කෙල්ල අතින් කරලා ඉවර කරලා දෙනවා. පවුනේ බොසා මොනවා උනත්. ඔය අතරේ සමහර මෝඩයෝ ඉන්නවා තව පන්දාහක් දීලා විනාඩි හතලිස් පහක් ඉල්ල ගන්න. උන් ඉතින් මාන්සි වෙලා කොහොම හරි වතුර ටික මාරු කරගත්තට උන් යන්නේ කෙල්ලටත් ටිප් එකක් දීල බර ගානකට තට්ටු කරගෙන තමයි”
ඔහු කථාව හමාර කළේ එසේ කියමින් සිනාසෙමිනි. මම ඔහුගෙන් අවසන් වශයෙන් ප්‍රශ්නයක් අසමි.
“එතකොට මල්ලී, ඔයාලා මේවා කරන්නේ සම්බාහන මධ්‍යස්ථාන විදිහටනේ. ඇත්තටම බොඩි මසාජ් එකක් ගන්න අවශ්‍යතාවය තියෙන අය මේවට එන්නෙම නැද්ද?”
ඔහු ඇස් පුංචි කර මා දෙස බලයි.
“වයි නොට් බොසා. එහෙම අයත් එනවා. ඒ වගේ අය ගොඩක් එන්නේ එකපාරයි. මොකද මෙතන හරියට විද්‍යානුකූල මසාජ් එකක් වෙන්නේ නෑ නේ! හැබැයි ඉතින් එහෙම එකෙක් එකපාරක් ඇවිත් සීලේ බොඳගත්තොත් කුඩු ගහන්න ගත්තට එහා තමයි. මසාජ් ගන්න කියාගෙන ඇවිත් වැඩේට ඇබ්බැහි වෙලා පඩියම මේකට පූජා කරන මනුස්සයොත් ඉන්නවා ඒ වගේ”
විශාල සමාජ ඛේදවාචකයක කතාවක් ඔහු කෙටියෙන් අනාවරණය කළේ එලෙසිනි. රුපියල් හාරදහසක්, පන්දහසක් අතර මුදලකට හුමාල ස්නානයක්, තෙල් සාත්තුවක් සමගින් සැබෑම ආයුර්වේද සම්බාහන සත්කාරයක් ලැබිය හැකි රජයේ ආයුර්වේද රෝහල් සහ පෞද්ගලික සම්බාහන මධ්‍යස්ථාන ඕනෑ තරම් තිබේ. එසේ තිබියදීත් මෙවැනි නිසි ප්‍රමිතියක් නොමැති තැන් කරා මිනිසුන් ඇදෙන්නට පෙළඹෙන්නේ මන්ද යන පැණය මෙහිදී මා තුළ ජනිත විය. එසේ හෙයින් මම ඒ පිළිබඳවද ඔහුගෙන් විමසා සිටියෙමි.
“මෙහෙමනේ බොසා. මේ ළඟත් තියෙනවා ආයුර්වේද රෝහලක්. ස්ටීම් බාත් එකත් එක්ක ෆුල් පැකේජ් එක පන්දාහයි. පැය එකහමාරක්. සුපිරිම ට්‍රීට් එකක් දෙනවා. හැබැයිම් වැඩේ කියන්නේ පිරිමි අයට මසාජ් කරන්නේ පිරිමි.
ගෑණු අතකින් ඇඟපත අතගාවා ගන්නනේ බොසා කවුරුත් කැමති. ගොඩක් පිරිමි කැමති නෑනේ තව පිරිමියෙක්ට කියලා මසාජ් කරගන්න. මන් කියන්නේ ඔයා උනත්. ඒවා ඒ නිසි විදිහට, ප්‍රොෆෙෂනල් විදිහට වෙන්න පහසුකම් සලසන්න ඕන. මසාජ් කියන්නේ වෙනම කලාවක්. අනික ඒක ජරා රස්සාවකුත් නෙමයි. වැඩේ කියන්නේ ගෑණියෙක් පිරිමියෙක්ව මසාජ් කරනවා කිව්වාම ඒක සමාජේ ගන්නේ කොහොමද? එහෙම ගෑණියෙක්ට කියලා ඇඟ අතගාගන්න කැමති වුණාට එහෙම ගෑණියෙක් ගෙදර ගිහින් තියාගන්න ඔයා උනත් කැමති වෙයිද හා? හැබැයි එහෙම උන්ම තමා ගැණුන්ට කියලා අතපතගා ගන්න මේවට රිංගන්නෙත්”
ඔහු අසන ප්‍රශ්නයේ සෑහෙන ගැඹුරක් තිබේ.
එසේම ඔහුගේ කථාව තුළ ගත යුතු, සාකච්ඡා කළ යුතු කරුණු කාරණාද රාශියක් තිබේ. එම ආයතනයේ සේවය කරන කාන්තාවන්ට ආගන්තුකයින් සමග යහන්ගත වීමට තනා ඇති කුටි ද ඔහු මට පෙන්වීය. ඒවායේ ඇත්තේ ඇඳක් සහ ඇඳුම් එලීම සඳහා බිත්තියේ ගසා ඇති ඇඳුම් රඳවනයක් පමණි. ඇඳක් කීවාට එය සාමාන්‍ය ලියන මේසයක් තරම් උසින් හා පළලින් යුත් අඩි හයක් පමණ දිගැති එකකි. ඒවා මත දමා ඇති කුෂන් ඉතා රළුය. මෙවැනි ගල් ලෑල්ලක් මත, නාඳුනන කාන්තාවක් සමග විනාඩි හතළිස්පහක් වැනි කෙටි කාලයකදී ලැබිය හැකි සුරතාන්තය කුමක්දැයි මම මගෙන්ම ප්‍රශ්න කොටගෙන සිටියෙමි.
මක්නිසාද යත්, යුවලක් අතර තෘප්තිමත් අන්තර් කායික සබඳතාවක් ගොඩනැගෙන්නේ ඔවුනොවුන් අතර ඇතිවන ගැඹුරු මානසික බන්ධනයක අතුරු ප්‍රතිඵලයක් වශයෙන් වන බැවිනි.
එහෙයින්, මිතුර!
ඔබත් මමත් සොයන සුරතාන්තය තව දුරය.
(මෙම විශේෂාංගය සඳහා නොමසුරුව තොරතුරු ලබාදුන් කිහිපදෙනාට සහ සම්බන්ධීකරණය කර දුන් මාධ්‍ය මිතුරන් දෙදෙනාට Colombo Today වෙනුවෙන් අපගේ කෘතවේදීත්වය පිරිනැමේ)
පර්යේෂණය සහ සටහන – Chalana