දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කර තිබෙන බවයි.
උක්ත කරුණ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර ඉකුත් අප්‍රේල් 7 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහුගෙන් පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර තිබිණි.
සටහන – Chalana