Colombo Today Local NewsTop Stories

බලය දුන්නේ හුරතල් වෙන්න නෙමයි අනුර! කාඩිනල් හිමිගෙන් බරපතල ප්‍රකාශයක්

ජනපති අනුර ප්‍රමුඛ මාලිමා රජය බලයට ඒම සඳහා දුන් පොරොන්දු සිහිපත් වීමෙන් කාඩිනල් මැදුර යළිත් වරක් ඇවිලී තිබේ.

එදා අනුරගේ අතින් අල්ලාගෙන කටුවාපිටියේ කඳුළු මැදින් ඇවිද ගිය අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ නැවත වරක් රජයට පෙරලාගෙන පහර දෙන්නේ ඒ සිහිපත්වීම හරහා බව පෙනෙයි.

බලය වනාහි භයානක සූදුවකි.

පාස්කු වින්දිතයින්ගේ අඳෝනා සාගරයේ කිමිදෙමින් ජවිපෙ මැතිවරණ යාන්ත්‍රණය බලය අල්ලන තුරුම්පු කොල සොයන බවට එදා මැදහත් දේශපාලන විචාරකයෝ පුන පුනා අදහස් දැක්වූහ.

එකී අනාවැකි සත්‍යයක්ම බැව් අද වන විට ඇස් පනාපිටම විද්‍යාමාන වන්නට පටන් ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නීතිය හමුවට ගෙනෙන බවට, බලයට පැමිණෙන්නට පෙර වත්මන් රජය පොළොවේ පස් කෑ නමුත්, දිවුරුම් දුන් විගස අනුර ජනපති තකහනියේම කටුවාපිටියට දුවගෙන ගියේ හිස් අතිනි. එදා වින්දිතයින්ගේ උණුසුම් වන චෝදනා හමුවේ ඔහු තවත් දහසක් පොරොන්දු දුන්නද, තවමත් එම විමර්ශනයන්හි අංශු මාත්‍රයක හෝ ප්‍රගතියක් පෙන්වන්නට පාලකයා අසමත්ව තිබෙන බවද පැහැදිළිව පෙනෙන්නට තිබෙනා කරුණක් වෙයි.

ඒ අනුව, අද කාඩිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාව මෙසේ රත් වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රමාදය නිසා පමණක්ම නොව, මැතිවරණ යාන්ත්‍රණය ඇතුළේ තමන් හාවා වූ බව දැනෙන නිසාද විය යුතුය.

කෙසේ වුවත්, සානුකම්පිත ඉල්ලීමෙන්, බැගෑපත්වීමෙන් මෙන්ම තර්ජනයෙන්ද ඔවුන් ඉල්ලා සිටින්නේ එකම සාධාරණ යුක්තියක් බවද නොකියාම බැරිය.

සටහන – Chalana

Related posts

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday

වරෙන්තුව ආපසු කැඳවන්න ඉල්ලා රාජිත දැමු මෝසම ඉවත් කර ගනී.

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday