කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර ඇති බව කොහුවල පොලීසිය පවසයි.
මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය පවසයි.
කෙසේ නමුත් කිසිවෙකුට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.