Colombo Today Local News

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ඒ අවට ප්‍රධාන ආයතන කිහිපයකට අද ( 08) සවස 01 සිට 04 දක්වා කාලය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන්ට ඇතුල්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග නියෝගයක් නිකුත් කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් කොළඹ කොටුව දුම්රියපොළ ස්ථානයේ සිට පවත්වනු ලබන උද්ඝෝෂණය සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් කරන ලද කරුණු ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව යන ස්ථානවලට ඇතුල් විය නොහැකි බව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් වෙත මෙම නියෝගය නිකුත් කරමින් සඳහන් කර ඇත.

Related posts

රනිල් දිවුරුම් දෙන වෙලාව අනුරට කියලා

Admin

නැගෙනහිර හිටපු ආඥාපති පාස්කු කොමිසමේ දී කල හෙළිදරව්ව

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday

FCIDය අහෝසි කරන්න අගමැති සමග ශ්‍රීලනිපය තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday