Colombo Today Local News

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇත.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

මේ අතර ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් ජනතාවත් සමඟ ඉදිරියට ගමන් කිරීමට තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බවය.

Related posts

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

කල්ලරාව ධීවර ගම්මානයේ මා දැලකට හසුවූ මිණිමුතු මෝරුන් යළි දියඹටම දමයි

colombotoday

ශ්‍රීලනිපයට අලුත් නායකයෙක් ඉන්නවා.. හරිකිතයක් නැතිව ඇවිත් එකතු වෙන්න

colombotoday

තවත් වෙ-ඩි තැබීමක්

Admin