Colombo Today Local News

අනුරට කරගන්න බැරුව දාල ගියාට පස්සේ අපි බාර ගන්නවා

නව ජනාධිපතිවරයාට කලින් පොරොන්දු වූ කටයුතු කිරීමට නිශ්චිත කාලයක් අවස්ථාවක් ලබාදිය යුතු බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා හිරේ දැමීම, හොරු ඇල්ලීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ආදී කටයුතු සඳහාය යම් සාධාරණ අවස්ථාවක් කාලයක් ලබාදීමට තම පාර්ශවය සූදානම් බවයි.

නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සුබවාදීව කල්පනා කරන බවත් ඔහුට සිය කාර්යයන් ඉටු කිරීම සඳහා යම් නිශ්චිත අවස්ථාවක් ලබා දිය යුතු බවත් හෙතෙම කියා සිටියි.

යම් හෙයකින් ඔවුනට ආණ්ඩුව කරගෙන යාමට බැරි වුවොත් හෝ ආණ්ඩුව දමා ගිය හොත් ආණ්ඩුව භාරගැනීමට විපක්ෂය ලෙස තමන් පක්ෂය සූදානම් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

colombotoday