Colombo Today Local News

අමරවීර සජබයට?

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බව පවසමින් The Wire News නැමැති වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව අමාත්‍යවරයා පවසනවා.

The wire news නැමැති වෙබ් අඩවිය විසින් ඊයේ (12) පළ කර ඇති පුවතක් සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධානය යොමු කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බවට කරුණු දක්වමින් එම වෙබ් අඩවිය විසින් පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය පුවතක් බව අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට කොළඹ රැදී සිටින්නේ සදුදා හා අඟහරුවාදා දිනවල පමණි.

ඉතිරි සියලු දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු සංවිධානය කිරීම සිදු කරනවා.

එවැනි අවස්ථාවක ඉහත නම සඳහන් වෙබ් අඩවිය විසින් පළකර තිබෙන පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගන්නා බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවීම සඳහා මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් අමාත්‍යවරයා පවසනවා.

ඇතැම් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය පරාජයෙන් වියරු වැටී සිටින ඇතැම් දේශපාලනඥයින්ගේ මුදල් ලබා ගනිමින් තම වෙබ් අඩවිවල පළ කරන මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිටිනවා.

Related posts

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

colombotoday

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

ආබාදිත රණවිරුවන් ගෙනයන අරගලයට ඥානසාර හිමිත්

colombotoday

මාධ්‍යවේදියෙකුට බලපෑම් කළ නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday