Colombo Today Local News

පොහොට්ටුවට ස්තුති කරමින් රනිල්ගෙන් දුක හිතෙන කතාවක්

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් ජනාධිපතිවරයාට සහය නොදී පොහොට්ටුව ලකුණ යටතේ පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

ඒ තමාට මේ දක්වා සහය දුන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පුද කරමින්.

උපුටා ගැනීම

“මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය දෑ නැතිව අරගල කරද්දී, ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබ ගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරි ගැන්නුවා.

ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා, වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමනේ අතර මගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තුති කරන්න කැමතියි.
මේ වෙලාවේ අප සමඟ එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මඟේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා. පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපට තව බොහෝ දේ කළ හැකියි.

තවමත් අප සමඟ එක්නොවූ මන්ත්‍රීවරුන්ටත් මම කියන්න ඕනි, අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්. සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදු වෙමින් පවතිනවා, එය යථාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම කෙනක්ම අපට අවශ්‍යයි. මේ ගමන පහසු එකක් නොවුණත්, අපි එකතු වීමෙන් රටට සහ මහජනතාවට අපේ යුතුකම ඉටු කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එකට එක්ව, අපි සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.
අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්යය ගැන මම අවසාන වශයෙන් ඔබට ස්තුති වන්ත වෙන්න කැමතියි”

(උපුටා ගැනිඋම අවසන්.)

Related posts

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday