Colombo Today Local News

කොකේන් තියා මල් පැකට් එකක්වත් ගන්න සල්ලි නෑ. ඒකත් දැන් දෙදාහයි – එජාප මංත්‍රී තුෂාර ඉඳුනිල්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට නම් විශාල මුදලක් අවශ්‍ය බවත් තමන් එවන් වත්කමක් නොමැති නිසා එම චෝදනා තමන්ට අදාළ නොමැති බවත් එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ කොමිස් ගැසීමට ව්‍යාපෘති නොලැබෙන බැවින් මන්ත්‍රීවරුන්ට අයථා ලෙස ආදායම් නොලැබෙනා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

“කොකේන් ගහනවා තියා අඩුම ගාණෙ මල් පැකට් එකක් ගන්නවත් අපිට විදියක් නැතිව ඉන්නේ. ඒකත් දැන් දෙදාහයි, දෙදාස් පන්සීයයි, තුන් දාහයි. අඩුම තරමේ අරක්කු බෝතලයක් බොන්නවත් අපිට සල්ලි නැති වෙලාවේ රංජන් රාමනායක මහත්තයා මේ කොකේන් ගැන කතා කරනවා. අහවල් කොකේන්ද ?” යනුවෙන් ඒ මහතා විමසා සිටියේය.

තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජනහමුවක් අමතමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

Related posts

මැති ඇමැති පිරිසක් රට පනී ?

colombotoday

ICC ප්‍රධාන විධායක සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

Admin

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin