Colombo Today Local News

බීමතින් පැමිණි සැමියාට බිරිඳගේ දඩුවමින් දිවි අහිමි වේ.

බීමතින් නිවසට පැමිණි පුද්ගලයෙකු බිරිඳගේ පහරදීමකින් මියයෑමේ පුවතක් මාතර වැලිගම ප්‍රෙද්ශයෙන් වාර්තාවෙයි.

මෙලෙස මියගියේ 42හැවිරිදි තිදරු පියෙකි.

මාතර, වැලිගම, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවසට පැමිණ තිබුණේ දැඩි ලෙස බීමත්වය.

මත්පැන් භාවිතයට ඇබ්බැහි වී සිටි ඔහු නිතර බීමත්ව පැමිණ සිය බිරිඳට පහරදීම හේතුවෙන් නිවසේ නිරන්තරයෙන් ගැටුම්ද හටගෙන තිබේ.

ඔහු ඊයේ රාත්‍රියේද බීමත්ව පැමිණ බිරිඳට පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී බිරිඳ අවට හිතවතුන් කිහිපදෙනෙකු හා එක්ව සිය සැමියා නිවස ඉදිරිපස කණුවක ගැටගසා තිබුණි.

පසුව බිරිඳ ඇතුළු පිරිස ඔහුට පහරදී ඇති අතර, එලෙස පහරදීමේදී සිහිසුන්වීම හේතුවෙන් වැලිගම රෝහල වෙත ඇතුළත්කර තිබුණද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙයි.

පොලිසිය සැක පළකරන්නේ ගැටගසා තිබූ ලණුව ගෙලෙහි සිරවීමෙන් මරණය සිදුවන්නට ඇති බවටය.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්

colombotoday

අයි.එම්.එෆ් ඊලඟ වාරිකය කල් යනවා

Admin

බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව දේශප්‍රේමී ලාංකිකයෝ ලන්ඩනයේ විරෝධතාවක…

colombotoday

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

colombotoday