Colombo Today Local NewsUncategorized

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ හොරවල, කරිජ්ජවේල්ල, කටවල්පහ වේල්ල අසල දී සැකකටයුතු ලෙස ගිනිතබා විනාශ කර තිබූ යතුරුපැදියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

විමර්ශන නිලධාරින් පැවසුවේ එම යතුරුපැදියේ අංක තහඩු ඉවත්කර චැසි අංක මකාදාමා ඇති බවයි.

ඌරගස්මංහන්දිය පොලීසිය සැක කරන්නේ අපරාධයක් සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියක් මෙලෙස ගිනිතබා විනාශ කරන්නට ඇති බවය.

පොලීසිය තවදුරටත් පැවසුවේ මෙම යතුරුපැදිය පසුගිය 26 වනදා කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට යොදාගත් යතුරුපැදිය බවට ද සැක කරන බවය.

කරන්දෙනිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානච්චි මහතාගේ නිවසට එදින උදෑසන ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඒ මහතාට වෙඩිතබා ඝාතනයක් සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 4ක් පරීක්ෂණ සිදුකරයි.

ඊයේ (28) දිනයේ ඌරගස්මංහන්දිය හොරවල ප්‍රදෙශයේ සෝදිසි කිරිම් සිදුකිරීම නිසා යතුරුපැදිය ගිනි තබන්නට ඇති බවට පොලීසියට සැක මතුවී ඇත.

යතුරුපැදියක් ගිනිගෙන ඇති බවට මෙතෙක් කිසිවෙකුත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවද ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.

Related posts

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

පානම මුහුදේ භූමිකම්පාවක් | මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව

colombotoday

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

colombotoday

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

colombotoday