Colombo Today Local News

සේවක වැටුප් පිලිබද තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම, 2024 – 2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමග ඇති කර ගත් සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතැම් මන්ත්‍රීවරුගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයා විසින් පසුගියදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

වාර්තාගත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් බොදු බල සේනා චීවර පුජාව රුවන්වැලි මහ සෑ මළුවේදී සිදු කෙරේ. Photos

colombotoday

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday