වෙළෙඳපොළේ කිලෝවක් රුපියල් 330කට පැවති ලොකු ළූණු ඊයේ (පෙබ. 15) රුපියල් 420 දක්වා මිල ඉහළ යාමක් සිදු වී ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
ඉන්දියාවෙන් ගෙන්වන ලොකු ළූණු නැවතත් හිඟවීම සහ පකිස්ථාන ළූණු මිල ඉහළ දැමීම හේතුවෙන් ලොකු ළූණු කිලෝවක් රුපියල් 420 ඉහළ ගිය බවත් තවදුරටත් මිල ඉහළ යනු ඇතැයි තොග වෙළෙදුන් පැවසූහ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු කිලෝවක් රුපියල් 420 – 440 අතර මිලක් වූ බවත් තවදුරටත් මේ හිඟය පැවතියහොත් නැවතත් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 දක්වා ඉහළ යනු ඇතැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පැවසූහ.